උසස් අධ්‍යාපන කටයුතු සදහා රජයෙන් ලබාගන්නා ණය (Higher Education Loan Program (HELP)) නව සංශෝධන හදුන්වාදීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන කටයුතු අමාත්‍ය Simon Birmingham පවසයි . ඩොලර් බිලියන 50කට ආසන්න ශිෂ්‍ය ණය මුදල් මුදල් ප්‍රමාණයක් රජය සතු වන අතර, මෙම ණය ඉක්මනින් පියවා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම නව සංශෝධන හදුන්වා දීමට නියමිතයි. මෙම නව සංශෝධන වලට අනුව උසස් අධ්‍යාපන ශිෂ්‍ය ණය මුදල් ඉකමනින් සහ ඉහල වාරික ලෙස ගෙවීමට සිදුවනු ඇති බව සදහන්. දැනට උසස් අධ්‍යාපන ණය හිමි අයට සහ අනාගතයේ ණය ලබාගැනීමට බලාපොරොත්තු වන අයට නව නීති අදාල වන බව සදහන්.
ණය අය කරගැනීමේ ප්‍රතිශතය ඉහල යන්නේ කෙසේද ?
වාර්ෂික උද්ධමනයට අමතරව 2021 වන විට උසස් අධ්‍යාපන ගාස්තු 7.5%කින් ඉහල යන බවට ගණන් බලා තිබේ. උදාහරණයක් ලෙස දැනට ගුරු වෘත්තීය පිළිබද හදාරන ශිෂ්‍යයෙක් වසරකට ඩොලර් $6,349 ගෙවන විට ඊළඟ වසරේ එම ගාස්තුව ඩොලර් 6,600 පමණ වනු ඇති බව සදහන්.

2021 වන විට වසර හතරක පාඨමාලවක් සදහා ඩොලර් 2000ත් - 3600ත් අතර අමතර මුදලක් සිසුන් හට දැරීමට සිදුවනු ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.
ගෙවීම් ආරම්භ කල යුතු අදායම් සිමාවන්
දැනට පවතින ක්‍රමවේදයට අනුව HELP ණය මුදල් ගෙවීම ආරම්භ කල යුතු වන්නේ වාර්ෂික අදායම ඩොලර් 51,957 ක් බවට පත් වූ පසු වන අතර, නව සංශෝධන යටතේ එම සීමාව ඩොලර් 42,000ක් වනු ඇති බව සදහන්.
මෙම නව සීමාව පිළිබද විවිධ විවේචන එල්ල වුවත්, එය සාධාරණ ඉල්ලකයක් බව Grattan institute ආයතනය මේ පිලිබදව වාර්තාවක් එළි දක්වමින් ප්‍රකාශ කර තිබේ.
වාර්ෂික ආදයම ඩොලර් 42,000ක් ඉක්මවූ පසු තම අදායමෙන් සියයට එකක් අදාල ණය පියවීමට ගෙවිය යුතු අතර, අදායම වැඩි වන ප්‍රමාණය අනුව නය ගෙවිය යුතු ප්‍රතිශතයද ඉහල යනු ලැබේ. ඒ අනුව වැටුප සියයට 6කින් වැඩි වන විට ගෙවිය යුතු ණය සියයට 0.5කින් ඉහල යන බව සදහන්.

දැනට පවතින ක්‍රමවේදයට අනුව 2018-19 උපාධිධාරීන් සදහා වාර්ෂික අදායම ඩොලර් 51,957 ඉක්මවූ පසු තම අදායමෙන් සියයට 2ක් ගෙවිය යුතු අතර, එය සතියකට ඩොලර් 20ක පමණ මුදලක්.
නව ණය අයකරගැනීමේ රජයේ ක්‍රමවේදයට අනුව වාර්ෂික අදායම ඩොලර් 42,000 ඉක්මවූ පසු තම අදායමෙන් සියයට එකක් ගෙවිය යුතු අතර එය සතියකට ඩොලර් 8ක් වැනි මුදලක්.
පැරණි ක්‍රමය අනුව උපරිම ණය ගෙවිය යුතු ප්‍රතිශතය සියයට 8ක් වන අතර වාර්ෂික අදායම ඩොලර් 107,213ක් බවට පත් වූ පසු අදාල ප්‍රතිශතයෙන් තම උසස් අධ්‍යාපන HELP ණය මුදල් ගෙවීම සිදු කල යුතු වනවා. නව ක්‍රමවේදයට අනුව උපරිම ණය ගෙවිය යුතු ප්‍රතිශතය සියයට 10ක් ලෙස සංශෝධනය වී ඇති අතර, වාර්ෂික අදායම ඩොලර් 119,881ක් වූ පසු අදාල ප්‍රතිශතය අදාල වනවා.
නව ක්‍රමවේදයට අනුව ඉහල වාර්ෂික අදායමක් ලබන අයගෙන් ඉහල ප්‍රතිශතයකින් ණය අයකරගැනීම සිදු කිරීමට නියමිතයි.

තවද මෙම උසස් අධ්‍යාපන ණය අයකරගැනීමේදී අදායම් සීමාවන් පැනවීමේදී, රජය අනෙකුත් ණය අයකරගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන්ට වඩා ණය ලබාගන්නා පුද්ගලයාට වාසි ක්‍රමවේදයක් අනුගමනය කරන බව වාර්තා පෙන්වා දී තිබේ.
ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හෝ ස්ථිර පදිංචිය ඇත්නම් මෙම උසස් අධ්‍යාපන ණය (HELP) සදහා ඔබ සුදුසුකම් ලබන අතර, නවසීලන්ත පුරවැසියන්ට සදහා නව සංශෝධන අනුව ඕස්ට්‍රේලියාව තුල උසස් අධ්‍යාපන කටයුතු වලදී සම්පුරණ මුදලම (Full Fees) ගෙවිය යුතු වන අතර එම මුදල් ප්‍රමාද වී ගෙවීම (deferring the cost) සදහා HELP උසස් අධ්‍යාපන ණය යටතේ අයදුම් කල හැකියි.

