SKIP TO MAIN CONTENT

පාසල් සහ ආයතන යළි විවෘත කිරීම නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගමනාගමන ක්ෂේත්‍රයට සිය ගණනක අමතර කාර්ය මණ්ඩලයක්

Commuters are seen at Town Hall train station in Sydney, Friday, August 23, 2019. A train breakdown at Town Hall station is causing delays on the network. (AAP Image/Peter Rae) NO ARCHIVING
File photo Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගමනාගමන ක්ෂේත්‍රයට සිය ගණනක් අමතර කාර්ය මණ්ඩලය අද (25/05) සිට අනියුක්ත කර ඇති බව වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් අද සිට යළි විවෘත කිරීමත් බහුතරයක් පුද්ගලයින් අද සිට යළි තම රැකියා සඳහා පිටව යාමත් නිසා මෙලෙස ගමනාගමන ක්ෂේත්‍රයට අමතර කාර්ය මණ්ඩලය අනියුක්ත කර තිබේ.

ප්‍රවාහන සේවා වලදී පුද්ගල දුරස්ථභාවය පිළිබඳ මෙන්ම එක් එක් ප්‍රවාහන මාධ්‍ය වෙත පනවා ඇති මගී සීමාව පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා විශේෂිත ආරක්ෂක නිලධාරීන් යොදවා ඇතැයිද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බස් රථයක එකවර ගෙන යා හැකි මගී ප්‍රමාණය 12කට සීමා කර ඇති අතර දුම්රිය මැදිරියක එකවර ගමන් කළ හැකි මගී ප්‍රමාණය 32 ක් බවට සීමා කර ඇත.

එමෙන්ම සිඩ්නි ෆෙරී යාත්‍රාවක එකවර ගමන් කළ හැකි මගී ප්‍රමාණය 45 ක් බවට සීමා කර තිබේ.

මේ අවස්ථාවේදී දෙමාපියන් විසින් තම දරුවන්ව පාසලට ඇරලවීම වඩාත් යෝග්‍ය බවත් කාර්ය බහුල වේලාවන් මග හැරීමට මගීන් සැමවිටම උත්සහ ගැනීම වැදගත් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රවාහන අමාත්‍ය Andrew Constance පවසයි.

බස් රථ සහ දුම්රිය මැදිරි දිනකට කිහිපවරක් පිරිසිදු කිරීමට පියවර ගෙන තිබුණද අවදානමක් ඇති බව ඔහු පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now