SKIP TO MAIN CONTENT

සමලිංගික විවාහ පනත සෙනට් සභාවේ සම්මත වුවාට ටෝනි ඇබට් කනස්සල්ලෙන්.

Same Sex Marriage
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත ඊයේ (29/11)  සෙනට් සභාව තුළදී වැඩි ඡන්ද 31 කින් සම්මත විය.

දින 3 ක ප්‍රබල විවාදයකින් සහ ප්‍රතික්ෂේප වූ සංශෝධන පෙළකින් පසුව පැවති අවසාන ඡන්දයේදී මෙම පනතට පක්ෂව ඡන්ද 43 ක්ද විපක්ෂව ඡන්ද 12 ක්ද ලැබී තිබේ.

කෙසේවෙතත්, සමලිංගික විවාහ නීතිගත කිරීම එළඹෙන නත්තලට පෙර නීතිගත කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මේ සම්බන්ධ පැවැත්වුණු තැපැල් සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵල පැමිණි දිනයේ සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් 15 වන දින එම තැපැල් සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී “Yes” යනුවෙන් 61.6% ක මනාපයක් ද “No” යනුවෙන් 38.4% ක මනාපයක් ද ලැබී තිබුණි.

මේ අතර සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ පනත අගමැති මැල්කම් ටර්න්බුල් විසින් මෙහෙයවූ ආකාරය පිළිබඳ තමන් කණගාටුවන බව හිටපු අගමැති  Tony Abbott,  2GB ගුවන් විදුලියට පැවසීය.

මේ සඳහා conservative මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සංශෝධන කිහිපයක්ම ගෙන ආ නමුත් ඒවා ප්‍රතික්ෂේප වීම පිළිබඳවද තමන් කණගාටුවන බව ඔහු ප්‍රකාශ කළේය.

විශේෂයන්ම සමලිංගික විවාහ නීතිගත කිරීමත් සමගම ආගමික නිදහසට එල්ලවන බාධක පිළිබඳව මෙහිදී කිසිදු අවධානයක් යොමු නොකිරීම ගැටළුවක් බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර මෙය ඔස්ට්‍රේලියාව තුළ නීතියක් ලෙස බලාත්මක කිරීමට පෙර ලබන සතියේදී පහළ මන්ත්‍රණ සභාවේ අනුමැතිය වෙනුවෙන් අවසාන ඡන්ද විමසීමට යොමු කරනු ඇත.

ඒ අනුව ලබන සතියේදී මේ සම්බන්ධයෙන් පහළ මන්ත්‍රණ සභාවේදී පැවැත්වෙන ඡන්දය ඉතා තීරණාත්මක එකක් වනු නොඅනුමාන බව වාර්තා වේ.

SBS පුවත් ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now