Autism රෝගයෙන් පෙළෙන ළමුන් සම්බන්ධව තමන් සිදු කළ යෝජනාව සමබන්ධයෙන් කිසි විටෙකත් සමාව නොයදින බව One Nation පක්ෂයේ නායිකා Pauline Hanson පවසයි.
ඔස්ට්‍රේලියාවේ Autism රෝගයෙන් පෙළෙන ළමුන්ව ප්‍රධාන ධාරාවේ පාසල් පද්ධතියෙන් ඉවත් කර වෙනමම පාසල් වලට යොමු කිරීමට මෙම සතිය මුලදී ඇය පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවාය.
නමුත් මෙම ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අප්‍රසාදය හිමිවූ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මානව හිම්කම් සංවිධාන වලින්ද විරෝධතා එල්ල විය.
නමුත් තමන්ගේ එම යෝජනාව බහුතරයක් දෙනා වැරදි ලෙස අවබෝධ කරගෙන සිටින බවට Pauline Hanson චෝදනා කරයි.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට තමන් කිසි විටෙකත් විරුද්ධ නොවන බව ද ඇය පැවසුවාය.
තමන්ගේ මෙම යෝජනාවට සහය දක්වමින් තමන්ට පණිවිඩ ලැබෙන බවද One Nation පක්ෂයේ නායිකා Pauline Hanson, Sky පුවත් වෙත පැවසුවාය.

