SKIP TO MAIN CONTENT

ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 11.5 ක්.

Sri Lanka Cricket Secures US$ 11.5 million of ICC Funds
Source: SLC

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මාස 9 කට පසුව ශ්‍රී ලංකාව නැවතත් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය සුරක්ෂිත කරගැනීමට සමත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

පසුගිය පෙබරවාරි 21 වන දින පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් සභාපති ලෙස තේරී පත්වූ ශම්මි සිල්වා මාර්තු 02 වන දින ඩුබායි හිදී පැවති ICC ප්‍රධාන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

මේ අතර  අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උසස් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් රඳවාගෙන තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 11.5 ක මුදල නැවත ලබාගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයක් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙම මුදල් රඳවාගෙන තිබූ බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now