SKIP TO MAIN CONTENT

නව පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගනයට ICC අනුමැතිය.

ICC approves Perth Stadium to host all international formats
Source: www.perthscorchers.com.au

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඉදි කෙරුණු නවතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සියලුම අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු මට්ටමේ පවතින බව ICC ය අද (11/01) සහතික කළේය.

50,000 ක් අසුන් ගත හැකි ක්‍රීඩාගාරයකින් සමන්විත මෙම නවතම පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මංගල ක්‍රිකට් තරගය එළඹෙන ජනවාරි 28 වන දින ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන එක් දින තරගාවලියේ පස්වන මෙන්ම අවසාන එක් දින තරගයද එය වේ.

“නවතම පර්ත් ක්‍රීඩාංගනය බටහිර ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන් හට අද්විතීය සම්පතක් වෙනවා.” යනුවෙන්  Cricket Australia සභාපති James Sutherland පැවසීය.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන Big Bash 20-20 තරගාවලියේ මෙන්ම පාපන්දු තරගද මෙහි පැවත්වෙනු ඇත.

“නව පර්ත් ක්‍රීඩාංගනය ඇත්තෙන්ම විශිෂ්ඨයි, ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන තරග රටාවන් ත්‍රිත්වයම මෙහි පවත්වන්න පුළුවන් බවට මම සැකයකින් තොරව අනුමත කරනවා.” ICC ය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ තරග තීරක Richie Richardson පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now