SKIP TO MAIN CONTENT

පාකිස්තානයට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමේ අනුමැතිය හිමි වෙයි.

ICC backs World XI games in Pakistan.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

පාකිස්තානයේ නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම කෙරෙහි ICC ආයතනයේ අවධානය යොමුව තිබේ.

මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය සෙනසුරාදා (24/06) ලන්ඩන් නුවර පැවති ICC ආයතනයේ වාර්ෂික සම්මේලනයේදී ජාත්‍යන්තර ක්‍ර‍්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මෙම  වසර අවසානයේ පාකිස්තානයේදී විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට අනුමැතිය හිමිවිය.

ඒ අනුව ICC ජාත්‍යන්තර එක්දින කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරඟ 3 ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

2009 වසරේ මාර්තු මාසයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ ක්‍රිකට් චාරිකාවල නිරතවීම නතර කළ නමුත් සිම්බාබ්වේ කණ්ඩායම 2015 වසරේදී සංචාරයක නිරත වූ අතර  ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද පාකිස්තානයේ සංචාරයක නිරත විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now