Highlights
- කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන වයෝවෘධ ඛාණ්ඩයේ සිට වයස අවුරුදු 50 දක්වා ගෙන ඒමට තීරණයේ කෙරේ
- Covid 19 එන්නත සම්බන්ද වංචාකාරී ක්‍රියාදාමයක් දකුණු ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කොට ක්‍රියාත්මක වන බවට අනතුරු ඇඟවීමක්
- ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාදීම තවමත් ප්‍රමාදයි
- ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම, පක්ෂ 10 ක් විසින් වර්ජනය කරනු ලබයි.
- ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තය දින 6 කට lockdown කෙරේ.
- ක්‍රීඩකයන් සඳහා මේ වසරේ නම් කරනු ලැබ ඇති තහනම් උත්තේජක ලැයිස්තුව නම්කෙරේ
- ක්‍රිකට් වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හට ICC යෙන් වසර අටක කාලයක් සඳහා ක්‍රිකට් තහනමක්
ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාදීම තවමත් ප්‍රමාදයි…
ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් ප්‍රතිශක්තිකරණ එන්නත් මහජනතාව වෙත ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වීමේ පමාව පිළිබඳව නැවත වරක් අවධානය යොමු වී තිබේ.
මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 1.59 ක් ලබාදී තිබේ. එහෙත් එය මධ්‍යම රජයේ පෙර සැලසුම් කොට තිබූ ඉලක්කයට වඩා අඩු සංඛ්‍යාවකි.
වික්ටෝරියා හි වැඩබලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලිනෝ පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දෙන, විශාල ප්‍රමානයේ එන්නත් මාධ්‍යස්ථාන තුනක් හෙට දිනයේදී විවෘත කිරීමට සූදානම් බවයි
මේ අතර ඊයේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වුණු අවස්ථාවේදී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන වයස අවුරුදු 50 ත් 70 අතර ඛාන්ඩය දක්වා ව්‍යාප්ත කිරීමට අගමැති ස්කොට් මොරිසන් සහ ප්‍රාන්ත නායකයින් අතර එකඟතාව ඇතිව තිබේ. මෙම වැඩපිළිවෙල පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම බ්‍රහස්පතින්දා (22) නිකුත් කිරීමට නියමිතයි.
Covid 19 එන්නත සම්බන්ද වංචාකාරී ක්‍රියාදාමයක් දකුණු ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කොට ක්‍රියාත්මක වන බවට අනතුරු ඇඟවීමක්
දකුණු ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කොට කොරෝනා එන්නත් සම්බන්ද වංචාවක් ....
Covid 19 එන්නත ඉක්මනින් ලබා ගැනීමට උපකාර ගත හැකි බවට ව්‍යාජ පොරොන්දු ලබාදෙන වංචාකරුවන් දකුණු ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය අනතුරු අඟවා සිටී. එසේම ගාස්තුවක් ගෙවන්නේ නම් කොරෝනා එන්නත් සම්බන්ද පූර්ව සායනික පරීක්ෂණ වලටද සහභාගී වන බවට ද මෙම වංචාකාරී පුද්ගලයින් විසින් දැනුම් දී සිටින බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අනාවරණය කොට සිටී.
මූල්‍ය හා සයිබර් අපරාධ විමර්ශන අංශය පවසන්නේ කොරොන වයිරස් වසංගතය හා සම්බන්ධව මහජනතාවට ඇති භීතියෙන් මෙම වංචාකරුවන් ප්‍රයෝජන ගන්නා බවයි.
මෙම වංචාකරුවනට නොරැවටෙන ලෙසටත්, මේ පිලිබඳ තොරතුරක් දත් අයෙකු වේ නම් දැනුම් දෙන ලෙසටත්, පොලීසිය දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටී. ප්‍රාන්තයේ කොරෝනා එන්නත්කරන වැඩසටහන සහ මධ්‍යස්ථාන පිලිබඳ දැනගැනීම උදෙසා www.sahealth.sa.gov.au යන වෙබ් අඩවියට පිවිසෙන ලෙසටත් ප්‍රාන්ත සෞඛ්‍ය අංශය සහ පොලීසිය, ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලා සිටී.
ජේෂ්ඨ හමුදා සාමාජිකයින් ගේ සියදිවි නසාගැනීම් පිලිබඳ විමර්ශනය කිරීම සඳහා රාජකීය කොමිසමක්
මෙරට දැනට ආරක්ෂක සේවයෙහි නියුක්තව සිටින සහ මීට පෙර හමුදා සේවයෙහි නියුක්තව සිටි ජේෂ්ඨ හමුදා සාමාජිකයින් ගේ සියදිවි නසාගැනීම් පිලිබඳ විමර්ශනය කිරීම සඳහා රාජකීය කොමිසමක් පිහිටුවීමට ආණ්ඩුකාරවරයාට නිර්දේශ කරන බව අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කොට සිටී. ඊයේ (19) පැවති ජාතික කැබිනට් මණ්ඩල සාකච්චාවෙන් පසුව අගමැතිවරයා මේ බව සඳහන් කලේය.
මේ අනුව, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ සිටින වත්මන් සාමාජිකයින් සහ හමුදා සේවයෙහි නියුක්තව සිටි ජේෂ්ඨ කෘතහස්ත හමුදා සාමාජිකයින් සියදිවි නසා ගැනීමට හේතු, එයට බලපාන වත්මන් හමුදා සේවයෙහි ඇති පද්ධතිමය ගැටළු, අතීතයේ සිදුව ඇති මරණ සහ දැනට සියදිවි නසාගැනීමේ අවදානමක සිටින හමුදා සාමාජිකයින් සහ හමුදා ප්‍රවීණයන්ගේ අත්දැකීම් රාජකීය කොමිසම විසින් පරීක්ෂා කරනු ඇත.
ඉදිරියේදී යුධමය කලාපවලට ඕස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් අනියුක්ත කිරීමේදී මෙම රාජකීය කොමිසම මඟින් සොයා ගනු ලැබෙන, හමුදා සේවයෙහි නියුතු වූවන්ගේ මානසික සෞඛ්‍ය පිලිබඳ කරුණු ඉතා වැදගත් වනු ඇති බව අගමැති මොරෝසන් පවසා සිටියේය.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධාන පුවත් කිහිපයක් කෙටියෙන්....
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අද දිනය (20) දක්වා කල් තැබීමට අදාළ පෙත්සම් විභාග කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ දිනයේදී තීරණය කොට තිබේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකොට තිබු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය, ඉංජිනේරු කපිල රේණුක පෙරේරා, ලේඛක ගාමිණී වියන්ගොඩ, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ යන අයවලුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් ඊයේ දිනයේදී කැඳවනු ලැබිණ.
මේ අතර, මෙම පෙත්සම් වලට එරෙහිව පාර්ශව කිහිපයක් අතරමැදි පෙත්සම් ගොනු කරමින් පෙත්සම්වලට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා තිබින. අමාත්‍ය ජි.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙලෙස වරාය නගර කොමිසම් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කොට තිබුන පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් ගොනු කිරීමට අවසර ඉල්ලා තිබින.
පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අරලියගහ මන්දිරයෙ ඊයේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම, පක්ෂ 10 ක් විසින් වර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජාතික ජනතා පෙරමුණ, අපේ ජනබල පක්ෂය, සහ යුතුකම ජාතික සංවාදය එම හමුවට එක් නොවීය.
එල්.ටී.ටී.ඊ.සංවිධානය යළි ප‍්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ බවට චෝදනා මත යාපනය හා කිළිනොච්චිය ප‍්‍රදේශවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කොළඹ ත‍්‍රස්ත මර්දන අංශය වෙත රැගෙන විත් තිබේ.
මේ පස් දෙනාගෙන් හතර දෙනකු යාපනයේ ඉලවාලී හා කෝපායී ප‍්‍රදේශයෙන්ද, අනෙක් පුද්ගලයා කිළිනොච්චිය ප‍්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් පස් දෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානය යලි පණ ගැන්වීම උදෙසා ඉන්දියාවේ සැඟවී සිටින පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ. නායකයකු සමග දුරකථන සංවාදවල නිරත වෙමින් අදහස් හුවමාරු කරගත් බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තය දින 6 කට lockdown කෙරේ.
කොරෝනා වෛරස් අසාදන ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහල යෑම නිසා ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තය දින 6ක් සඳහා lockdown කිරීමට ඉන්දීය රජය තීරණය කරයි. මෙය ඊයේ (19 April) රාත්‍රී 10 සිට ක්‍රියාත්මකයි.
ඉන්දියාවේ මේ වන විට COVID-19 ආසාදන සංඛ්‍යාව මිලියන 15 ඉක්මවා තිබේ. ඒ හේතුවෙන් රෝහල් ඇඳන්, ඔක්සිජන් සැපයීමේ යන්ත්‍ර සහ ඖෂධ හිඟයකට ඉන්දියාව මුහුණ දී ඇතැයි වාර්තා වේ.
මිලියන 20 කට වඩා වැඩි ජනගහනයක් සිටින දිල්ලි ප්‍රාන්තයේ අගනුවර වන නවදිල්ලි හි අසාධ්‍ය රෝගීනට ප්‍රතිකාර කරන සත්කාරක ශල්‍ය ඇඳන් ඇත්තේ 100 කටත් වඩා අඩු ප්‍රමාණයක් බව ද සඳහන්.
දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසන්නේ මේ අවස්ථාවේදී Lockdown කිරීම ඉතා වැදගත් බවයි.
ක්‍රීඩකයන් සඳහා මේ වසරේ නම් කරනු ලැබ ඇති තහනම් උත්තේජක ලැයිස්තුව නම්කෙරේ…
ක්‍රීඩකයන් සඳහා මේ වසරේ පාවිච්චිය තහනම් කරනු ලැබ ඇති උත්තේජක ලැයිස්තුව පාර්ලිමේන්තුවට හෙට (21)ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති ක්‍රීඩා අමාත්‍යාංශය උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.
විවිධ ක්‍රීඩා සඳහා මේ වසරේ තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව හඳුන්වා දෙනු ලැබ ඇත්තේ ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසිනි. මෙම තහනම් උත්තේජක ද්‍රව්‍ය ක්‍රීඩකයන් නොදැනුවත්ව හෝ සිය කුසලතා වර්ධනය සඳහා භාවිතා කළහොත් තරග ඉසව් තහනමට ලක් වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගවලට ලක්වීමට සිදුවන බව ඇමතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.
වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හට ICC යෙන් ක්‍රිකට් තහනමක්
ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නකු වූ දිල්හාර ලොකුහෙට්ටිගේ හට වසර අටක කාලයක් සඳහා ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝග කර ඇත. ICC දූෂණ මර්දන ආචාර ධර්ම උල්ලංඝණය කරමින් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ඔහුට මෙම තරඟ තහනම පැනවී තිබේ.
ICC ය විසින් දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව 2019 වසරේ අප්‍රේල් 03 වනදා සිට, තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා තිබින. ඒ අනුව මෙම නව ක්‍රිකට් තහනම් නියෝගය එදින සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කොට තිබෙන බව ICC වාර්තා සඳහන් කරයි.
** පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද - අප්‍රේල් මස 20 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි