2017 ICC ක්‍රිකට් ශූරයින්ගේ කුසලාන තරගාවලිය අද එංගලන්තයේදී ආරම්භ වේ.
ඒ අනුව තරගාවලියේ පළමු තරගය ලෙස අද ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී එංගලනත්ය සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙනු ඇත.
දෙවැනි තරගය හෙට දිනයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව ඇති අතර ජුනි 03 වන දින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැත්වේ.
ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය ජුනි 08 වන දින ඉන්දියාව සමගද තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ජුනි 12දා පාකිස්ථානය සමගින් ද පැවැත්වීමට නියමිතය.

