මංගල ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලිය ජූලි 30 වන දායින් ඇරඹේ

ICC Cricket World Cup 2019

Source: Getty Images

පළමු වරට පැවැත්වෙන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලිය එළඹෙන ජූලි 30 වන දිනෙන් ආරම්භ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ අනුව ජූලි 30 වන දින පැවැත්වෙන එංගලන්ත - අයර්ලන්ත එක්දින තරගාවලියෙන් මෙය ආරම්භ වේ.

පන්දුවාර 50 ක්‍රිකට් තරග ඉහළම මට්ටමට ගෙන ඒමට මෙය හඳුන්වාදී ඇති අතර 2023 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර පනහේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුස්සන් තෝරාගැනීමටද මෙම ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලිය උපයෝගී කරගැනේ.

මේ වන විට එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග වරම් ලැබූ රටවල් 12 සහ නෙදර්ලන්තය මේ සඳහා සහභාගී වේ.

සත්කාරක ඉන්දියාව සහ මුල් ස්ථාන 7 ලබාගන්නා කණ්ඩායම් 2023 වසරේ පැවැත්වෙන මීළඟ පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබනු ඇත.

මෙහිදී සෑම කණ්ඩායමක්ම තමන්ගේ රටේ සහ රටින් පිට එක් දින තරග 3කින් සමන්විත තරගාවලි 4 කට සහභාගී විය යුතුය.


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මංගල ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලිය ජූලි 30 වන දායින් ඇරඹේ | SBS Sinhala