ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයට කොරෝනා වසංගතයෙන් බලපෑම්

ICC staffers at Dubai HQ test positive for COVID

Source: Wikipedia

ඩුබායිහි පිටිහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයට කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ල වී තිබේ.

එහි කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම මූලස්ථානය දින කිහිපයකට වසා දැමීමට කටයුතු කර ඇත.

එමෙන්ම එලෙස වයිරසය ආසාදනය වූ සේවකයින් සහ ඔවුන් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් මේ වන විට ස්වයං නිරෝධායනය වන බවද වාර්තා වේ.

මේ අතර ඩුබායිහි පිටිහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයේ සෙසු කාර්ය මණ්ඩලයට නිවෙසේ සිට රාජකාරි සිදු කිරීමට ඉඩ සලසා තිබේ.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now