ඩුබායිහි පිටිහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයට කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ල වී තිබේ.
එහි කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම මූලස්ථානය දින කිහිපයකට වසා දැමීමට කටයුතු කර ඇත.
එමෙන්ම එලෙස වයිරසය ආසාදනය වූ සේවකයින් සහ ඔවුන් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් මේ වන විට ස්වයං නිරෝධායනය වන බවද වාර්තා වේ.
මේ අතර ඩුබායිහි පිටිහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයේ සෙසු කාර්ය මණ්ඩලයට නිවෙසේ සිට රාජකාරි සිදු කිරීමට ඉඩ සලසා තිබේ.