SKIP TO MAIN CONTENT

තරග පාවාදීමේ චෝදනාවට මහින්දානන්ද ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ICC ය සූදානම් වෙයි

Mahindananda Aluthgamage
Source: Facebook

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගෙන් ඒ පිළිබද ප්‍රකාශයක් ලබා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වන බව වාර්තා වේ.

ICC යෙහි මාධ්‍ය ප්‍රකාශක ශංකර් රාවෝ පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප‍‍්‍රකාශයක් ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ 2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව, තරගය පාවාදුන් බවයි.

අවසන් මොහොතේදී ක්‍රීඩකයින් සිවුදෙනෙකු වෙනස් කිරීම පිළිබදවද සැක මතු වන බව ද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කොට තිබිණ. එම ප්‍රකාශය ඉන්දීය මාධ්‍ය වලද ප්‍රමුඛ පුවතක් බවට පත්ව තිබිණ.

මේ අතර මෙම තරග පාවාදීමේ සිද්ධිය පිළිබද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්දයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගෙන් ගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් ලබා ගන්නා බව ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ද පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now