SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සුප්‍රසිද්ධ තණ පිට්ටනිය හරහා යකඩ වැටක්.

Parliament House's iconic grass lawns blocked off by new security fences
Source: ABC Australia

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

කැන්බරා හි පිහිටි ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සුප්‍රසිද්ධ තණ පිට්ටනිය අවහිර කරමින් ආරක්ෂක වැටක් ඉදි කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මීට මාස කිහිපයකට පෙර විරෝධතා කරුවන් පිරිසක් කැන්බරා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලලේ ඉදිරිපස කණුවලට නැග විරෝධතාවක නිරතවීමත් සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාව පිළිබඳ නැවත වරක් දැඩි ලෙස සිතීමට බලධාරීන් හට සිදු විය.

ඒ අනුව මෙලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති හෙක්ටයාර 10 ක් පමණ විහිදී ඇති සුප්‍රසිද්ධ තණ පිට්ටනිය අවහිර කරමින් ආරක්ෂක වැටක් ඉදි කිරීමට තීරණය කෙරුණි.

යකඩ වලින් නිම කෙරෙන මෙම වැට මීටර් 2.5 ක් උස වන අතර මෙමගින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහල මතට පිවිසීමට සංචාරකයින්ට නොහැකි වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now