SKIP TO MAIN CONTENT

මානුස් සරණාගතයින්ව නවසීලන්තයට බාරදීම මිනිස් ජාවාරම්කරුවන්ට සුබ ලකුණක් වන බවට අමාත්‍ය Peter Dutton ගෙන් ප්‍රකාශයක්.

If Australia sends the asylum seekers to New Zealand, it may send a green light to people smugglers : Peter Dutton.
Source: Getty Images AsiaPac

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

මානුස් දූපතේ රඳවා ඇති සරණාගතයින්ගෙන්  පිරිසක් බාරගැනීමට නවසීලන්තය සිදු කළ ඉල්ලීම මේ අවස්ථාවේ දී සුදුසු නොවන බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පවසයි.

පසුගිය ඔක්තෝබර් 31 වන දින මානුස් දූපතේ සරණාගත මධ්‍යස්ථානය නිල වශයෙන් වසා දැමීමෙන් පසුව එහි සිටි සරණාගතයින්ගෙන් 150 ක පිරිසක් බාර ගැනීමට නවසීලන්තය ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් කළේය.

නමුත් එම ඉල්ලීම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඔස්ට්‍රේලියානු රජය නවසීලන්තයේ එම ඉල්ලීම පිළිගෙන අදාළ සරණාගත්යින්ව නවසීලන්තයට බාරගතහොත් එය මිනිස් ජාවාරම්කරුවන්ට සුබ ලකුණක් වන බව අමාත්‍ය  Peter Dutton, Sky  පුවත් වෙත පැවසීය.

මේ අතර මානුස් දූපතේ සරණාගතයින්ව බාරගැනීමට නවසීලන්තය සිදු කළ යෝජනාව ඔස්ට්‍රේලියාව අනුමත කළ යුතු බව World Vision Australia හි ප්‍රධාන උපදේශක Tim Costello පැවසීය.

අදාළ සරණාගතයින් නවසීලන්තයේ ස්ථාපිත වීමෙන් නීති විරෝධී ලෙස යාත්‍රා මගින් නැවත මිනිසුන් ඔස්ට්‍රේලියාවට පැමිණීම ආරම්භ වේවි යයි ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ තර්කය පිළිගත නොහැකි බව ද ඔහු පවසයි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now