SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..”කම්කරු පක්ෂය ජයග්‍රහණය කලොත් මාධ්‍ය වේදීන්ට සරණාගත රැඳවුම් කඳවුරු වලට යාමට අවසර ..

fishing
record and risks complicating relations with Australia. (AP Photo) Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

මෙවර මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කලොත් මාධ්‍ය වේදීන්ට මානුස් හා නාවුරු සරණාගත රැඳවුම් කඳවුරු වලට යාමට අවසර ලබා දෙන බව පැවසුවත් රජය පවසන්නේ එමගින් රටේ දේශසීමා ආරක්ෂාවට බලපෑම් ඇති විය හැකි බවයි.

කම්කරු නායක Bill Shorten මහතා ABC වෙත පවසා ඇත්තේ මාධය් වේදීන්ට විදෙස් රැඳවුම් කඳවුරු වලට යාමට අවසර ලැබෙන බවයි .බදු ගෙවන ජනතාවගේ මුදලේන් මේවා ක්‍රියාත්මක වන නිසා ඔවුන් එම මුදල් වැය වන ආකාරය පිළිබඳව විනිවිද භාවයෙන් දැනගත යුතු බවයි විපක්ෂයේ විදේශ ප්‍රතිපත්ති පිලිබඳ ප්‍රකාශිකා Tanya Pilbersek පවසන්නේ.

එසේම සන්ධානයේ මුල්‍ය අමාතය Mathies Cormann පවසන්නේ රජය බුද්ධිමය තොරතුරු මිනිස් ජාවාරම්කරුවන් හා බෙදා නොගන්න බවයි. කම්කරු පක්ෂයේ මෙම යෝජනාව තුලින් මෙම රැඳවුම් කඳවුරු වල ආරක්ෂාවට බාධා වීමට ඔහු එකඟ නොවන බවත් පවසා තිබේ.

එසේම කමක්රු පක්ෂයේ මෙම අදහස ප්‍රවේශමෙන් කපටි ලෙස මාධ්‍ය වේදීන් වෙත ඉදිරිපත් කර ඇති බවටද සන්ධානය පවසනවා.

ආගමන හා විගමන අමාත්‍ය Peter Dutton පවසන්නේ මාධ්‍ය වේදීන්ට නාවුරු කර යාමට නොහැකි වන ප්‍රතිපත්තියක් නැති බවත් මෙරටට  එන පුද්ගලයන් වෙනත් රටවල රජයන් මගින් පාලනය වීම සිදු නොකරන  බවත් ඔහු පවසනවා . එම තීරණය මධ්‍යම රජයේ නොවන බවත් ඔහු පවසනවා.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now