ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඕස්ට්‍රේලියාවට අනතුරු ඇගවීමක් (SBS සිංහල / වාර්තා)

AAP

Source: AAP

ඕස්ට්‍රේලියානු ආර්ථිකය තවමත්, අවධානම් සහගත සහ අස්ථාවර තත්වයක පවතින බව ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල (International Monetary Fund) පෙන්වා  දී තිබේ. වර්තමානයේ ඕස්ට්‍රේලියානු නිවාස වෙළදපොල ක්‍රියාත්මක ආකාරය, චීනය ඇතුළු , ඔස්ට්‍රේලියාව සමග වෙළද කටයුතු වල නිරත ප්‍රධාන  රටවල් මේ වන විට වෙළද කටයුතු වලදී තරමක් මන්ද ගාමී වීම ආදී කාරණා  හේතුවෙන්  ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල මෙම අනතුරු ඇගවීම කර ඇති බව සදහන්.

ජාත්‍යන්තර මුල්‍ය  අරමුදලෙන් නිකුත් කර ඇති උපදෙස් ලබාදීමේ පත්‍රිකාවකින් මෙම කරුණු හෙළිකර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. ආර්ථික වර්ධනය සහ ආර්ථිකය තුල පවතින අවධානම් සහගත තත්වයන් අතර සමබරතාවය සලකා බැලීමේදී යම් වර්ධනයක් දක්නට ඇතත් සැලකිය යුතු මට්ටමේ අවධානමක් සහ අස්ථාවර භාවයක් දක්නට ඇතැයි  එම වාර්තාව පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයට 2017 වසරේ ඕස්ට්‍රේලියානු දළ  ජාතික නිෂ්පාදනය (GDP ) 2.6% ක් වනු ඇති බව සදහන්. 2018 - 2019 වන විට 3%ක් දක්වා ඉහල යන බවත් නැවතත් 2020දී එය 2.9%දක්වා පහත වැටීමට ඉඩ ඇති බවත් ඔවුන් අපේක්ෂා කරයි.

තවද උද්ධමනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතියද, විරැකියාව සහ මුල්‍ය  ප්‍රතිපත්තියේ ඇති දුර්වලතා ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරුණු ඇති බව මෙම වාර්තාව පෙන්වා  දී තිබේ. දැනට ඕස්ට්‍රේලියාව  තුල ක්‍රියාත්මක 1.5%ක  පොලී ප්‍රතිශතය මේ වසරේ දෙවැනි භාගයේදී මධ්‍යම බැංකුව වැඩි කරුණු ඇති බවද සමහර විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය  අරමුදලට අනුව දැනට 5.7%ක් ලෙස පවතින විරැකියා  ප්‍රතිශතය, 2022 වන විට 5.1% දක්වා අඩු වනු ඇති බව සදහන්.

තවද මේ වන විට පතල් සහ කැණීම්  කර්මාන්තය දුර්වල තත්වයක පවතින බැවින්, අනෙකුත් කර්මාන්ත වර්ධනය වන සංක්‍රාන්ති සමය තුල ඒ සදහා සහාය  ලබාදීම වැදගත් බවත් ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල පෙන්වා  දී තිබේ. තවද ආරක්ෂණ ප්‍රතිපත්ති අනුගමනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි රාජ්‍ය නායකයින්ගේ නැගිටීමද  ආර්ථිකයට බලපෑමක් එල්ල කරනු ඇතිබව මෙම වාර්තාව පේනවා දෙන තවත් වැදගත් කරුණක්.


Share

2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now