Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වෙයි.
- වයස අවුරුදු 16 ට වැඩි සියලුම වයස් ඛාණ්ඩ වල පුරවැසියන්ට COVID-19 එන්නත ලබා දීමට නීත්‍යනුකුල බලය හිමිවන ඕස්ට්‍රේලියාවේ පළමු පාලන කලාපය බවට නොදර්න් ටෙරටරිය පත්වෙයි
- ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණ තත්වයට ගොදුරුව මියගිය පුද්ගල සංඛ්‍යාව 19 ක් දක්වා ඉහල යයි.
- නිතිවිරෝධිව රටට ඇතුළු වුවහොත් ස්ථිර පදිංචිය ලබා ගත නොහැකියි: ඇමරිකානු ශ්‍ර්ෂ්ඨධිකරණයෙන් තීන්දුවක්.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගැටලුවට තාවකාලික විසඳුමක්. එංගලන්ත සංචාරයට යාමට ක්‍රීඩකයෝ එකඟ වෙති
ගෙවුණු පැය 24 තුල වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්
පසුගිය පැය 24 තුල වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී තිබේ. සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 22, 814 ක් තුලින් මෙම ආසාදිත සංඛ්‍යාව හමුව තිබේ.
ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 83ක් ක් ලෙසට සටහන් වේ.
එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා එන්නත් මාත්‍රා 21,192 ක් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ. මේ වන විට එන්නත්කරණයට ලක්කොට ඇති සමස්ත සංඛ්‍යාව 676,024 කි.
මේ අතර මෙල්බර්න් හි පවත්නා lockdown තත්වය හැකි ඉක්මනින් ඉවත් කරනු ඇති බවට වික්ටෝරියා හි ව්‍යාපාරික එකමුතුව බලාපොරොත්තු පලකොට සිටී. දැනටමත් මෙම බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිත lockdown තත්වය ඊට පෙර ඉවත් කෙරෙනු ඇති බවට මත පලවෙමින් පවතී. එහෙත් වික්ටෝරියානු සෞඛ්‍ය අංශ තවමත් ඒ පිලිබඳ නිශ්චිත දැනුම් දීමක් සිදුකොට නොමැත.
ඕස්ට්‍රේලියානු කර්මාන්ත සමූහයේ වික්ටෝරියානු ප්‍රධානී ටිම් පයිපර් පවසන්නේ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සිටින ජනතාවට, සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතභාවයක් තිබිය යුතු බවයි.
හෝටල් නිරෝධායනයට සිටින පිරිස වැඩියි: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මැසිවිල්ලක්
විදේශගත ඕස්ට්‍රේලියානුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී හෝටල් නිරෝධායනය සඳහා දැනට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය දරන පුද්ගල ධාරිතාව දැරීමට අපහසු ඉලක්කයක් බවට ප්‍රාන්ත අගමැතිනි ග්ලැඩිස් බෙරෙජික්ලියන් ඉඟි කොට සිටී. නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත හෝටල් නිරෝධායනයේ දැනට ඕස්ට්‍රේලියානුවන් 5,000 ක් සිටිති.
ප්‍රාන්ත අගමැතිනීය පවසා සිටින්නේ සෑම සතියකම හෝටල් නිරෝධායනය සඳහා ඕස්ට්‍රේලියානු පුරවැසියන් 3000 ක පමණ පුද්ගල ධාරිතාවක් ලබාගැනීම සඳහා පමණක් ප්‍රාන්තයට හැකියාව පවතින බවයි.
වර්තමාන නිරෝධායන ක්‍රමය සමඟ ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටියද අනාගතයේදී මෙය වෙනස් විය හැකි බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් පවසා සිටී.
නිව් සවුත් වේල්ස් හි තවත් සුවිසල් කොරෝනා එන්නත් මධ්‍යස්ථානයක්
මේ අතර COVID-19 එන්නත් කිරීමේ දෙවන සුවිසල් මධ්‍යස්ථානය නිව් සවුත් වේල්ස් හි ප්‍රාන්තයේ Lake Macquarie, හි at Belmont ප්‍රදේශයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව NSW ප්‍රාන්ත සෞඛ්‍ය අංශය සඳහන් කරයි. ජුනි මස මද භාගයේ සිට සතියකට කොරෝනා එන්නත් 20,000 ක සංක්‍යාවක් ලබාදීම ඉලක්ක කොට මෙය මධ්‍යස්ථානය ආරම්භ වේ. එහිදී එය සිය ගණනක් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යොදවා ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් දෙවර්ගයම ලබාදීමට කටයුතු සැලසුම් කොට ඇත. ලබා දෙනු ඇත.
නිව් සවුත් වේල්ස් හි දැනටමත් පිහිටුවා ඇති සුවිසල් කොරෝනා එන්නත්කරන මධ්‍යස්ථානය වන බටහිර සිඩ්නි හි හෝම්බුෂ් ප්‍රදේශයේ ඇති එන්නත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දිනකට එන්නත් 5,000 ක් පමණ පමාණයක් ලබාදේ.
නොදර්න් ටෙරටරි හි වයස අවුරුදු 16 තරම් පහල වයස් වල සිටින අයට කොවිඩ් එන්නත ලබා ගත හැකියි
වයස අවුරුදු 16 සහ ඊට වැඩි සියලුම වයස් ඛාණ්ඩ වල පුරවැසියන්ට COVID-19 එන්නත ලබා දීමට නීත්‍යනුකුල බලය හිමිවන ඕස්ට්‍රේලියාවේ පළමු පාලන කලාපය බවට නොදර්න් ටෙරටරිය පත්වෙයි.
පසුගිය සතියේ පැවති ජාතික කැබිනට් රැස්වීමේදී මේ සම්බන්දව එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව අද සිට වයස 16 හෝ ඊට වැඩි නොදර්න් ටෙරටරි වැසියනට COVID-19 එන්නත ලබා ගැනීමේ අවසරය හිමිවෙයි.
මේ අනුව නොදර්න් ටෙරටරියේ වෙසෙන 60,000 ක අමතර පිරිසකට Covid 19 එන්නත ලබාගැනීමට හැකියාව ලැබෙන බව නොදර්න් ටෙරටරි රජය පවසයි.
එසේම පසුගිය සතියේ ජාතික කැබිනට් රැස්වීමේදී ගත් තීරණයට අනුව, ඕස්ට්‍රේලියාව පුරා විසිරී සිටින සියලුම ආදිවාසී අබෝරිජිනල් සහ ටොරස් ස්ට්‍රේට් දූපත් වැසියන් සහ ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රමය භාවිතා කරන්නන් සහ ඔවුන්ගේ රැකබලා ගන්නන් ද වයස අවුරුදු 16 ට වැඩි නම්, COVID-19 එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 19 ක්
ශ්‍රී ලංකාවට දින කිහිපයක් පුරා ඇද වැටුණු වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර, නාය යෑම් සුළි සුළං ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ගණන 19ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ වන විට ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 67,613කට අයත් පුද්ගලයන් 2,71,110 දෙනකු පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙහිදී වැඩිම ආපදාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයේ පවුල් 39,742කට අයත් පුද්ගලයන් 161,383 දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ඊයේ දිනයේදී කොවිඩ් මරණ 47 ක්
ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 47ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ සමඟ ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,610කි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 207,943ක් දක්වා ඉහළගොස් තිබේ.
පකිස්ථානයේ දුම්රිය දෙකක් ගැටේ. පුද්ගලයින් 51 ක් මරුට
පකිස්ථානයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. පකිස්ථානයේ දකුණු දිග ප්‍රදේශයට අයත් සින්ද් පළාතේ ගොට්කි දිස්ත්‍රික්කයේ එමම අනතුර සිදුව තිබේ.
මෙම දුම්රිය දෙක එකිනෙක ගැටෙන අවස්ථාව වන විට දුම්රිය දෙකෙහිම පුද්ගලයින් 1100 ක් පමණ සිටි බව දුම්රිය බලධාරීන් පවසයි. සමහර මගීන් තවමත් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බැවින් ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.
දෙවන දුම්රියේ රියදුරු පළමු දුම්රිය දුටු විට තිරිංග දැමූ නමුත් ගැටීම වළක්වා ගැනීමට කාලයක් නොතිබූ බව පවසා තිබේ. දුම්රිය දෙකෙහි ගැටුමට මුලික හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
නිතිවිරෝධිව ඇමරිකාවට ඇතුළු වුවහොත් ස්ථිර පදිංචිය ලබා ගත නොහැකියි
ඇමරිකාවේ, දැනට මානුෂීය හේතූන් මත තාවකාලික ආරක්‍ෂිත වීසා යටතේ රට තුළ රැඳී සිටීමට අවසර ලබා දී ඇති සංක්‍රමණිකයින්, නීතිවිරෝධී ලෙස රටට ඇතුළු වුනු පුද්ගලයින් බවට හෙලිවුවහොත් ඔවුන් ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන් වීම සඳහා ඉල්ලුම් කිරීමට නුසුදුසු බවට ඇමරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
දැනට ඇමරිකාවේ තාවකාලික ආරක්‍ෂිත වීසා යටතේ රටවල් 12 කින් පැමිණි පුද්ගලයෝ ලක්ෂ 4 ක පමණ පිරිසක් රැඳී සිටිති. ඔවුන් රටින් පිටුවහල් කිරීමක් සිදු නොවන අතර ඔවුනට නීත්‍යනුකුලව රැකියාවක නිරත වීමටද අවසර ලැබී ඇත.
ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලැබෙන්නේ, උප ජනාධිපති කමලා හැරිස්, ග්වාතමාලාවට පැමිණීමත් සමඟ බවද සඳහන්. ඇයගේ මෙම සංචාරය, ග්වාතමාලාවෙන් ඇමරිකාවට සිදුවන සංක්‍රමණය අඩු කිරීම සඳහා ජනපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ගන්නා උත්සාහයේ කොටසක් ලෙසට සැලකේ. එසේම එල් සැල්වදෝරය සහ හොන්ඩුරාස් ද යන රටවල් වලින්ද ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයින් සීමා කිරීම ජෝ බයිඩන් රජයේ අපේක්ෂාව බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගැටලුවට තාවකාලික විසඳුමක්
ශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් අතර ක්‍රීීඩක කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් වන මතභේදය ඊයේ දිනයේදී තාවකාලිකව සමතයකට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්ත තරඟ සංචාරය සදහා පමණක් ගිවිසුමකට අත්සන් කිරීමට එකඟතාවය පල කර ඇති බව සඳහන්.
කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රිඩකයින් අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ. වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් තවදුරටත් ගැටලූ සහගත තත්ත්වයක් පවතින බැවින් එංගලන්ත සංචාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එහිදී තීරණය වී ඇත. එංගලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද දිනයේදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා - එංගලන්ත සංචාරයට එක්දින තරඟ 3 ක් සහ T 20 තරඟ 3ක් ඇතුලත් වේ. පළමු T 20 තරඟය ජූනි මස 23 දා කඩිෆ් හි සොෆියා ගාර්ඩන් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 1 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

