ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුලු ඇතැම් රටවල් කොරෝනා වෛරසයට නිසි පිළියම් යෙදීමට සමත්ව සිටියද නැවතත් ලොව පුරා කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතී.
පසුගිය සති අන්තයේදී ලෝක සෞක්‍ය සංවිධානය මගින් ලොව පුරා නව කොරෝනා රෝගීන් 183,000කු වාර්තා වූ බව ප්‍රකාශ කල අතර එය එක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංක්‍යාවයි. එමෙන්ම පසුගිය සතිය තුලදී ලොව පුරා අඛණ්ඩව දින තුනක් තිස්සේ දිනකට 150,000 ඉක්මවමින් නව රෝගීන් වාර්තා විය.
කොරෝනා වෛරසයේ මුල් සමයේ ලොව පුරා කොරෝනා රෝගීන් පළමු මිලියනය වාර්තා වීමට මාස 3ක් වැනි කලක් ගත වුවද මෙවර රෝගීන් මිලියනයක් වාර්තා වීමට ගතව ඇත්තේ දින 8ක් වැනි කෙටි කාලයක් පමණි.

මේ වන විට ලොව පුරා කොරෝනා රෝගීන් මිලියන 9 ඉක්මවා තිබේ.මේ අතර වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන සන්ක්‍යාවේද ඉහල යාමක් පවතී.
කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකානු වැසියන් 120,000 කට අධික පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර බ්‍රසීලයෙන් වාර්තා වන මරණ සංක්‍යාව 51,000 ඉක්මවයි.
ලොව භයානක ලෙස බෙදී ඇති බවට ලෝක සෞක්‍ය සංවිධානය පවසයි
ලෝක සෞක්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් Tedros Adhanom Ghebreyesus පවසන්නේ වසන්ගතයත් සමග ලොව රටවල් දේශපාලනීකරණය වී ඇති අතර අවශ්‍යව ඇත්තේ සහයෝගීතාවය සහ නායකත්වය බවයි.
බ්‍රසීලය තුල ඉහල යන කොරෝනා රෝගීන් සන්ක්‍යාවත් සමග බ්‍රසීලය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වීමේ අවධානමක් මතුව ඇති අතර එය 6.2% ප්‍රතිශතයක් පමණ වන බවට අපේක්ෂා කෙරේ.
COVID-19 වෛරස රෝගීන් අතිවිශාල සන්ක්යාවක් හඳුනාගැනීම ඇමරිකා ජනාධිපති Donald Trump හාස්‍යයට ලක්කොට ඇති අතර මේ වනවිටත් ඇමරිකාව තුල සෞක්‍ය බලධාරීන් 25 කට අසන්න සන්ක්යාවක් ශාරීරික වධහිංසා හේතුවෙන් ඉල්ලා අස්වී හෝ විශ්‍රාම ගොස් ඇතැයි වාර්තා වේ.

වෛරසයේ භයානක කම තවමත් එලෙසමයි
ලොව බොහෝ රටවල තවමත් කොරෝනා වෛරසයේ හරි මුහුණුවර දක්නට නොලැබෙන අතර ඉන්දුනීසියාවෙන් එක් දිනක් තුල කොරෝනා රෝගීන් 1,000ක් බැගින් අඛණ්ඩව දින 8ක් තිස්සේ වාර්තා වී තිබේ. ඉන්දියාව මේ වන විට ලොව වැඩිම කොරෝනා රෝගීන් සන්ක්‍යාවක් වාර්තා වන ලොව සිව්වන රට බවට පත්ව තිබේ.
වසංගත තත්වයත් සමග මින් පෙර නැවත යථා තත්වයට පත්වීමේ ලකුණු පෙන්වූ ඇතැම් රටවල්ද මේ වනවිට නැවතත් දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර දකුණු කොරියාව තුලද කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් ආරම්භ වී තිබේ. දකුණු කොරියාව තුල සීමා ලිහිල් කිරීම සහ මැයි නිවාඩු සමය මෙම නව කොරෝනා රැල්ලට සෘජු ලෙස හේතු වී ඇති බව දකුණු කොරියා බලධාරීන් පෙන්වා දේ.
කොරෝනා දෙවන රැල්ලක් පිළිබඳව වන බිය ඉරානය තුලද මතුව ඇති අතර චීනයෙන් වාර්තා වී ඇති නව කොරෝනා රෝගීන් සන්ක්‍යාව 200 කි.
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
සජීවීව සහ පසුව SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
ලොව පුරා නැවතත් කොරෝනා වෛරසය ශීග්‍ර ලෙස පැතිරයමින් පවතින කාලසීමාවක ලොව ඇතැම් රටවල් තවමත් මෙම වෛරසය පාලනය කිරීමට සමත්ව තිබේ. නවසීලන්තය මේ සඳහා උදාහරණයක් වන අතර නවසීලන්තයෙන් පසුගිය සඳුදා දින වාර්තා වී ඇත්තේ රෝගීන් දෙදෙනෙකු පමණි.
Fiji, Somoa, Tonga and Vanuatu යන දුපත් මගින් කිසිදු නව කොරෝන රෝගියකු වාර්තා වී නොමැත. සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියාව තුලද පවතින ලිහිල් සීමා හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ නව රෝගීන් සන්ක්‍යාව අඩු අගයක් ගන්නා අතර ටස්මෙනියාව, නොදර්න් ටෙරිටරිය, දකුණු ඔස්ට්‍රේලියාව සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය යන ප්‍රාන්ත වලින් කිසිදු නව කොරෝනා රෝගියකු වාර්තා වී නොමැත.
මේ සඳහා ඔස්ට්‍රේලියාව මේ වනවිට ක්‍රියාත්මක කරන සෞක්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙල බෙහෙවින් උපකාරී වී තිබේ.

