SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බලශක්තිය පිරිමහන පාරිභෝගිකයින් හට රජයෙන් තෑගී දීමට ක්‍රමයක්.

Energy saving
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඉතා ඉහළ ඉල්ලුමක් ඇති කාල වලදී තමන්ගේ නිවාස වල සහ ව්‍යාපාරික ස්ථාන වල බලශක්ති පරිභෝජනය අඩු කරගැනීමට එකඟ වන පාරිභෝගිකයින් හට rebates  හෙවත් ප්‍රතිදාන දීමනා ලබා දීමට රජය සහ බලශක්ති සමාගම් බලාපොරොත්තු වේ.

විශේෂයෙන්ම තමන්ගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ක්‍රියාත්මක වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කරන ලෙස හෝ විදුලියෙන් ක්‍රියා කරන ලිප් වෙනුවට වෙනත් විකල්ප භාවිතා කරන ලෙස වැනි ඉල්ලමින් කෙටි පණිවිඩයක් ඔබේ ජංගම දුරකතනයට ඒ අනුව ලැබෙන්නට ඉඩ තිබේ.

ඔබ ඊට එකඟවී එයට අනුකූල ක්‍රියා මාර්ග ගත් විට ඊට ප්‍රතිලාභ ලෙස ඔබේ බලශක්ති බිල්පත සඳහා වට්ටම්, තෑගී වවුචර් හෝ සිනමා ප්‍රවේශ පත්‍ර ඔබට ලැබේ.

මෙහි පරීක්ෂණ ව්‍යාපෘති නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල පළමුවෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම ක්‍රියාව අනුමත කිරීමට  නමුත් එහි ඇතුලාන්තය කණගාටුදායක බව ඔස්ට්‍රේලියානු කර්මාන්ත සමුහයේ  ප්‍රධාන විධායක Innes Willox. ABC පුවත් සේවයට පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now