SKIP TO MAIN CONTENT

ලොව උසම ප්‍රතිමාවට ඉන්දියාව මුල් ගල තබයි.

Concept plan of the Shivaji Memorial in Arabian Sea. courtesy: Maharashtra government.
Concept plan of the Shivaji Memorial in Arabian Sea. courtesy: Maharashtra government. Source: Maharashtra government

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඊයේ (24/12) දිනයේදී ලොව උසින් අධිකම ප්‍රතිමාව ඉදි කිරීම සඳහා මුල්ගල තැබූ බව වාර්තා වේ.

17 වන සියවසේ හින්දු අධිරාජ්‍යයෙකු වූ චත්‍රපාති ශිවාජිගේ දැවැන්ත ප්‍රතිමාවක් මෙසේ ඉදිකිරීමට සැරසෙන බව සඳහන්.

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අගනුවර වන මුම්බායි නගරයට ඔබ්බෙන් පිහිටි දූපතක ඉදි කරන මෙය මීටර 192 ක (අඩි 630) උසකින් යුක්ත වනු ඇත.

හෙනාන් ප්‍රාන්තයේ පිහිටි මීටර් 128 ක් උසැති Spring Temple බුදු රුව මේ වන විට ලොව උසම ප්‍රතිමාව ලෙස සැළකෙයි.

ඉදිවීමට නියමිත චත්‍රපාති ශිවාජිගේ මෙම දැවැන්ත ප්‍රතිමාව ඇමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව මෙන් දෙගුණයක ප්‍රමාණයක් ගන්නා බවත් බ්‍රසීලයේ Rio de Janeiro නුවර පිහිටි ක්‍රිස්තු පිළිමය මෙන් පස් ගුණයක් උස බවත් වාර්තා වේ.

2019 වසරේ අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ඔස්ට්‍රේලියානු  ඩොලර් මිලියන 740 ක්  (ඉන්දීය රුපියල් බිලියන 36) වැයවන අතර මෙය නාස්තිකාර ව්‍යාපෘතියක් ලෙස ඇතැම් ඉන්දියානුවන්ගේ දැඩි විරෝධයට ලක්වී තිබේ.

ඊයේ (24/12) දිනයේදී 27,000 කට අධික පිරිසක් මෙම ව්‍යාපෘතිය නවත්වා දමන ලෙස  පෙත්සමක් අත්සන් කළ බවද වාර්තා වේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now