ඉන්දියාව LTTE තහනම තවත් අවුරුදු 5කට දීර්ඝ කල හේතුව මෙන්න (SBS සිංහල / වාර්තා)

ltte

ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දියාව LTTE සංවිධානය සදහා පනවා තිබු තහනම තවත් වසර 5 කින් දීර්ඝ කරන බවයි.

මෙම නිවේදනයෙහි සදහන් වන්නේ ඉන්දියාවේ 1967 නීත්‍යානුකුල නොවන කටයුතු අත්හ්ටුවීමේ පනත මගින් නීත්‍යානුකුල නොවන සංවිධානයක් ලෙසට සැලකෙන LTTE සංවිධානයේ තහනම අද දින (මැයි) 14 සිට තවත් වසර 5කට දීර්ඝ කරන බවයි

LTTE සංවිධානය මුලින්ම ඉන්දියාවේ තහනමට ලක් වුයේ වසර 1991 දී හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ගේ ඝාතනයත් සමගයි. එසේම එය නැවත වරක් වසර 2012 දී තහනමට ලක් වුවා. ඉන්දියානු gazette පත්‍රය සදහන් කරන්නේ LTTE යනු ශ්‍රී ලංකාවේ පදනම් වී ඇති සංවිධානයක් බවත් , එහි ආධාරකරුවන් හා හිතවාදීන් ඉන්දියාවේ සිටින බවයි. එසේම එම සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යක් සදහා අරමුණු කර ගෙන කටයුතු කල බැවින් එය ඉන්දියාවේ ස්වෙරීභාවයට තර්ජනයක් වන බවත් එහි සදහන්.

ඒ නිසාම එය නීති විරෝදී සංවිධානයක් ලෙසට ඉන්දියාව සලකන බවද සදහන් වී තිබේ.

වසර 2012 දී ඉන්දියාව පවසා තිබුනේ, LTTE සංවිධානය ඊළාම් රාජ්‍යක් පිලිබදව තවමත් කටයුතු කරන බවත්, යුරෝපයේ ඒ සදහා මුදල් එක රැස් කරමින් සිටින බවයි. එසේම ඉතිරව සිටින LTTE සාමාජිකයන් ජාත්‍යන්තරව සංවිධානය වෙමින් විවිධ ක්‍රියාකාරකම් තනි තනිව සිදු කරමින් සිටින බවද එහි සදහන් වී තිබේ. එසේම දෙමල අන්තවාදී  ක්‍රියාකාරී කණ්ඩායම් හා , LTTE හිතවාදීන් පිරිසක් ඉන්දියාවේ , විශේෂයෙන් තමිල් නාඩුවේ මෙසේ ජනයා අතර වෙනම රාජ්‍යක් පිළිබද කටයුතු කිරීමට පෙලබවීමක් ඇති බවද එහිදී සදහන් වී තිබේ.

එසේම අන්තර්ජාලයේ සැරිසරන ලිපි මගින් ශ්‍රී ලංකාවේ දෙමල ජනයා අතර LTTE පරාජයට ඉන්දියානු නායකයන් සම්බන්ධ බවට ප්‍රචාර ගෙන යන හෙයින් එමගින් ඉන්දියානු ප්‍රභූන් ට තර්ජනයක් ද එල්ල වන බවටද එම නිවේදනයේ සදහන් කොට ඇත

 එසේම ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්යංශය වසර 2012 දී තහනම පිලිබදව තවදුරත් ප්‍රකාශ කොට ඇත්තේ , තමිල් නාඩු ප්‍රාන්තයේ සිටින LTTE සාමාජිකයන් හා හිතවාදීන් නීති විරෝදී සදහා යොදවා ගැනීමත් වාර්තා වී ඇති බවයි. 

Source: Daily Mirror - SBS

How to listen SBS Sinhala Radio
How to listen SBS Sinhala Radio Source: SBS Sinhala

Share

2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now