SKIP TO MAIN CONTENT

ICC ශූරයන්ගේ කුසලානයට ඉන්දියාව නැහැ?

ICC Champions Trophy 2017
Source: BCCI

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

2017 ICC  ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන සංචිතය මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදීමට ඉන්දියාව අපොහොසත්වී තිබේ.

2017 ICC  ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා  සහභාගී වන සියලු ප්‍රධාන කණ්ඩායම් වල සංචිත පෙරදා දිනය වන විට ලබාදිය යුතු බව ICC ය ප්‍රකාශ කර තිබුණි.

මේ අතර තම ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවල දෝශ කිහිපයක් හේතුවෙන් සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වු බව ඉන්දියාව ක්‍රිකට් කවුන්සිලයට දන්වා ඇතැයි සඳහන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ලේකම්වරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සැසිවාරයක් සඳහා සහභාගී මේ සතියේ සහභාගී වෙමින් සිටින අතර ඉන්දීය නායක විරාත් කෝලි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් කණ්ඩායම තේරීමට අවශ්‍ය පාර්ශව එක් ස්ථානයක රැස්වීමට නොහැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ICC ය වෙත දන්වා ඇත.

මෙම ප්‍රමාදය පිළිබඳ අවශ්‍ය පාර්ශව දැනුවත් කර ඇති අතර කඩිනමින් තම සංචිතය නම්කරන බව ද ඔවුන් සඳහන් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now