SKIP TO MAIN CONTENT

ඉන්දීය පිළේ ඔස්ට්‍රේලියානු සංචාරය ග්‍රීෂ්ම සෘතුවේදී ක්‍රියාත්මක කිරීමට Cricket Australia ආයතනය සැලසුම් කරයි

India set for Cricket in Australia in summer.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඉන්දීය පිළේ ඔස්ට්‍රේලියානු සංචාරය එළෙඹෙන ග්‍රීෂ්ම සෘතුවේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව Cricket Australia ආයතනය ඊයේ නිවේදනය කළේය.

මෙම සංචාරය යටතේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 4ක් පැවැත්වීමට නියමිතව තිබේ.

එහි පළමු තරගය දෙසැම්බර් 03 වන දින බ්‍රිස්බේන් නුවර Gabba ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස Adelaide Oval පිටියේදී දෙසැම්බර් 11 වන දින ආරම්භ වේ.

සාම්ප්‍රදායික Boxing දින ටෙස්ට් තරගය මෙවරත් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී  දෙසැම්බර් 26 වන දින ආරම්භ වීමට නියමිත අතර 2021 නව වසරේ ටෙස්ට් තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now