SKIP TO MAIN CONTENT

දකුණු අප්‍රිකානුවන් පරදා ඉන්දියාව ICC ශූරයන්ගේ අවසන් පූර්ව වටයට.

ICC Champions Trophy
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ B ඛාණ්ඩය යටතේ ඊයේ (11/06) පැවති තරහයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර කඩුලු 8 ක පහසු ජයක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන් අතර  ඔවුන් පන්දු වාර 44යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී  ලකුණු 191ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Quinton de Kock ලකුණු 53 ක් ලබා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 192 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දු වාර 38 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 193 ක් ලබා ජය සනිටුහන් කළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශීකර් ධවාන් ලකුණු 78 ක්ද නායක විරාත් කෝලි නොදැවී ලකුණු 76 ක් ද ලබා ගත්තේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now