SKIP TO MAIN CONTENT

බංග්ලාදේශය පැරදවූ ඉන්දියාව, පාකිස්තානය සමග අවසන් මහා තරගයට.

ICC Champions Trophy 2017
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ (15/06) පැවති දෙවන අවසන් පූර්ව තරගය කඩුලු 9 ක පහසු ජයක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම  එළඹෙන ඉරිදා (18/06) පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වේගවත් ලකුණු රැස් කිරීමක් ආරම්භ කළ අතර ප්‍රථම සහ එකම කඩුල්ල ලෙස ශීකර් ධවාන් ලකුණු 46 කට දැවී ගියේය.

 ඉන් අනතුරුව රෝහිත් ශර්මා සමග එක්වූ ඉන්දීය නායක විරාත් කෝලි ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දුවාර 40 යි එක් පන්දුවකදී ලකණු 265 ක් ලබා ගනිමිනි.

රෝහිත් ශර්මා නොදැවී ලකුණු 13 ක් ලබා ගත් අතර විරාත් කෝලි ලකුණු 96 ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය රෝහිත් ශර්මා හට හිමි විය.

මේ අනුව ක්‍රිකට් පිටියේ සදාකාලික සතුරන් ලෙස හැඳින්වෙන ඉන්දියාව සහ පාකිස්තානය  එළඹෙන ඉරිදා (18/06) ලන්ඩන් නුවර ඕවල්  ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අවසාන මහා තරගයේදී  ICC ශූරයින්ගේ 2017 කුසලානය සඳහා තරග වදිනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now