SKIP TO MAIN CONTENT

ඉන්දියාව 9-0 ක් ලෙස ජය ගනිමින් ලංකාවට ක්‍රිකට් ඉතිහාසයේ අමිහිරිම පරාජය ලබා දෙයි.

India to clean sweep across formats in Sri Lanka.
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (06/09) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වූ එකම 20-20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක  පහසු ජයක් අත් කරගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 170 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දිනේෂ් මුණවීර ලකුණු 53 ක්ද අශාන් ප්‍රියන්ජන් ලකුණු 40 ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 171 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 174 ක් ලබා තරගයේ ජය තහවුරු කළේය.

නායක විරාත් කෝලි ලකුණු 82 ක්ද නොදැවී ලකුණු 51 ක්ද ලබා ගත්තේය.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන ඉන්දීය නායක විරාත් කෝලි හට හිමි විය.

මේ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරග 3 ම , එක් දින තරග 5 ම, සහ 20-20 තරගයද ජයගනිමින් ඉන්දියාව සමස්ත සංචාරය 9-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

මීට අමතරව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් විදෙස් සංචාරයකදී සියලුම තරග ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.

මෙය ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා ලද දරුණුතම සහ අමිහිරිතම පරාජය බවද සඳහන් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now