SKIP TO MAIN CONTENT

ඉන්දියානු සමාගමක් ඔස්ට්‍රේලියාවට මව්කිරි විකිණීමට යයි.

Breast milk
Source: Moodboard

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

NeoLacta Lifesciences නැමති ඉන්දියානු සමාගම, ඔස්ට්‍රේලියාවට මව් කිරි අලෙවි කිරීමේ සූදානමක් පිළිබඳ ABC පුවත් සේවය වාර්තා කරයි.

ABC පුවත් සේවයට අනුව ඔස්ට්‍රේලියාවට මව් කිරි ආනයනය කිරීමට පසුගිය වසරේ එම සමාගම වෙත අනුමැතිය ලැබී ඇත.

ඇතැම් රටවල මව් කිරි මිලට ගැනීමට පහසුකම් සලසා ඇති නමුත් ඔස්ට්‍රේලියාවේ මේ වන තුරුත් ඒ සඳහා ඉඩ සලසා නැත.

නමුත් මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේද මව් කිරි මිලට ගැනීමට ඉතා ඉක්මණින් හැකි වෙනු ඇතැයි පැවසේ.

පර්ත් නුවර King Edward අනුස්මරණ රෝහලේ වෛද්‍ය Ben Hartmann පවසන පරිදි විදේශ රටවල සාමාන්‍යයෙන් මව් කිරි ලීටරයක් ඩොලර් 300 ක් පමණ වෙයි.

මව්කිරි සාපේක්ෂව ඉහළ මිලක් ගන්නා බවත් විදෙස් රටකින් ආනයනය කරන විට එහි මිල තවත් වැඩි වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට මව් කිරි ගබඩා කර තබන කිරි බැංකු 5 ක් පවතියි.

ඒවා බටහිර ඔස්ට්‍රේලියාව, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල පිහිටා තිබේ.

හදිසි ප්‍රතිකාර ඒකක වල සිටින නොමේරු දරුවන් හට ලබා දීමේ අරමුණින් කිරිදෙන මව් වරුන් විසින්  පරිත්‍යාග කළ  තම අතිරික්ත මව්කිරි එම බැංකුවල ගබඩා කර ඇත.

ලොව මව්කිරි සකස් කර බෙදාහැරීමේ ක්‍රියාවලියේ නිරත ලෝකයේ ඇති සමාගම් සංඛ්‍යාව තුනක් පමණක් බවත් NeoLacta යනු ඉන් එක් සමාගමක් බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now