ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රියතම කණ්ඩායම එළඹෙන ජූලි මාසයේ ලංකාවට.

Sri Lanka Cricket

Source: SBS

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් සඳහා විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළඹෙන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එළඹෙන ජුනි 30 සිට ජූලි 14 දින දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරඟාවලියෙන් අනතුරුව එම තරඟාවලිය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ඉන්දීය මෙම ක්‍රිකට් තරඟාවලිය  ටෙස්ට් තරඟ තුනකින් එක්දින තරඟ 5කින් සහ එක් විස්සයි විස්ස තරඟයකින් සමන්විත වේ.

තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ජූලි මස 26 වනදා ආරම්භ වන අතර එක්දින තරඟාවලිය අගෝස්තු මස 20 වනදා ආරම්භ වීමට නියමිතය.

පැවැත්වීමට නියමිත එකම 20-20 තරගය සැප්තැම්බර් 06 වන දින ආරම්භ වේ.

ඉන්දීය කණ්ඩායම අවසාන වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවේ 2015 වසරේ වන අතර එහිදී ඔවුන් ටෙස්ට් සහ එක් දින තරගාවලි ද්විත්වයේම ජය හිමි කරගත්තේය.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now