SKIP TO MAIN CONTENT

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ නායක සමුළුව හෙට (මාර්තු 07)

President of Sri Lanka -
Maithripala Sirisena

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: News Sri Lanka



Skip to article content

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA)  නායක සමුළුව  මාර්තු 07 දින (හෙට ) පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව  සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතය.

ඉන්දියානු සගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සගරයට මායිම් වූ රටවල සංවිධානයේ 20 වැනි සංවත්සර සැමරුමට සමගමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.

''ඉන්දියානු සාගරය සමකාමී,ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම'' යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙයි.  මේ සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද ඉන්දුනීසියාව  බලා පිටත්විය.

රාජ්‍ය නායක සංචාරය අතරතුර දී  ''ඉන්දුනීසියවේ සමුද්‍රීය හා ධීවර කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර සමුද්‍රීය හා ධීවර කටයුතු සහයෝගිතාව පිළිබඳ අවභෝධතා ගිවිසුම'',  ''ඉන්දිනීසියාවේ කුඩා හා මධ්‍යම ව්‍යවසාය හා සමූපකාර සඳහා අළෙවි සේවා නියෝජිතායතනය (SMESCO) හා ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව ( NCCSL)  අතර සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතව පිළිබඳ අවබෝධතා ගිවිසුම''  අත්සන් කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now