SKIP TO MAIN CONTENT

ඉන්දියාව LTTEය පුහුණු කළ හැටි ඉන්දීය එයාර් මාර්ෂල් භාරත් කුමාර් හෙළි කරයි. (SBS සිංහල /වාර්තා)

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථීර විසදුමක් ලබා ගැනීම සඳහා ලක් රජයට බලපෑමක් කිරීම සඳහා LTTE සංවිධානය සන්නද්ධ කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය මැදිහත් වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

LTTE
Source: www.sundaytimes.lk

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Agencies



Skip to article content

1983 ජූලි කෝලාහලයෙන් අනතුරුව ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ඉන්දියාවට පැමිණීමත් සමඟ තමිල්නාඩු ප්‍රාන්ත රජය LTTE පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව ඉන්දීය සාම සාධක හමුදාවේ ගුවන් බලය මෙහෙය වූ විශ්‍රාමික එයාර් මාර්ෂල් භාරත් කුමාර් පවසයි.

ඉන්දීය මධ්‍යම රජය 1984 වසරේදී LTTE සාමාජිකයන් පුහුණු කිරීම ඇරඹූ බව ""පවන් මෙහෙයුම"" ලෙස මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ඔහුගේ ග්‍රන්ථයේ දැක්වෙයි.

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ වැඩපිළිවෙල අභිබවා යාම ඉන්දීය මධ්‍යම රජය ඊට මැදිහත්වීමේ හේතුව ලෙස එයාර් මාර්ෂල් භාරත් කුමාර් එහි සඳහන් කර ඇත.

ඔහුගේ ග්‍රන්ථයේ තේමාව වී ඇත්තේ ‘ඉන්දීය සාම සාධක හමුදාව සමඟ ගුවන් බලයේ භූමිකාව’ යන්නයි.

ප්‍රාන්ත රජය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ අවදානම වැළැක්වීමට ඉන්දීය මධ්‍යම රජයට අවශ්‍ය වූ බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එම්.ජී. රාමචන්ද්‍රන් සහ මුත්තුවේල් කරුණානිධි වැනි තමිල්නාඩු දේශපාලනඥයන් මෙන් නොව ඉන්දිරා ගාන්ධි හෝ රජිව් ගාන්ධි අගමැතිවරුන් ශ්‍රී ලංකාවේ ස්වාධීන දෙමළ රාජ්‍යයක් අපේක්ෂා නොකළ බව හිටපු ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා සඳහන් කළේය.

එහෙත්   ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථීර විසදුමක් ලබා ගැනීම සඳහා ලක් රජයට බලපෑමක් කිරීම සඳහා LTTE සංවිධානය සන්නද්ධ කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය මැදිහත් වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත්, පසුව පෝක් සමුද්‍ර සන්ධිය හරහා LTTE සංවිධානය වෙත ආයුධ ප්‍රවාහනය සීමා කිරීමට රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බව ද එයාර් මාර්ෂල් භාරත් කුමාර්ගේ ග්‍රන්ථයේ සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now