ගිනිකොන දිග ක්වීන්ස්ලන්ත වාසී රියදුරන් බහුතරයක් වටරවුමකදී සංඥා එළි භාවිතය නොදන්නා බව හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

තමන් ඉදිරියෙන් ධාවනය වන මෝටර් රථය වැරදි වුවත් පසුපසින් ධාවනය කරන රථය එය අනුගමනය කරන බව එම සමීක්ෂණය සොයාගෙන ඇත.

Indicating on roundabouts stumps south-east Queenslanders, RACQ says

Source: www.reddit.com

ගිනිකොන දිග ක්වීන්ස්ලන්ත වාසී රියදුරන් බහුතරයක් මාර්ගයක වටරවුමක් ආසන්නයේදී සංඥා එළි (Indicators) දැල්වීමට නොදන්නා බව RACQ මගින් සිදු කල සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

Sunshine Coast හි Nambour සහ බ්‍රිස්බන් නුවර Sunnybank ප්‍රදේශ වල වටරවුම් ගණනාවක මෝටර් රථ 800ක් පමණ මෙම සමීක්ෂණය සඳහා නිරීක්ෂණය කර තිබේ.

ඔවුන් මේ සඳහා තෝරාගෙන තිබුනේ සාම්ප්‍රදායික වටරවුම් වන තර ඊට හේතුව වූයේ slip lanes වැනි අමතර දෑ ඒවායේ නොතිබීමය.

එහිදී 60%ක පිරිසක් වැරදියට ධාවනය කළ බව ඔවුන් සොයාගෙන ඇත. බොහෝ පිරිසක් සංඥා එළි නොදැල්වු අතර අනෙක් අය වැරදි වේලාවලදී සංඥා එළි දැල්වූ බව ඔවුන් පවසයි.

තමන් ඉදිරියෙන් ධාවනය වන මෝටර් රථය වැරදි වුවත් පසුපසින් ධාවනය කරන රථය එය අනුගමනය කරන බව එම සමීක්ෂණය සොයාගෙන ඇත.

තම සංවිධානයේ සාමාජිකයින් වසරින් වසර මෙම ප්‍රදේශවල ඇති වටරවුම් නොරුස්සන ස්වභාවයක් ගන්නා බව පවසමින් පැමිණිලි කිරීම නිසා මෙවැනි සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කළ බව RACQ සංවිධානයේ Lauren Ritchie පැවසුවාය.

අවාසනාවට දත්ත වලින් පෙන්වා දුන්නේ එතරම් හොඳ ප්‍රතිපල නොවන බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

සංඥා එළි වැරදියට දැල්වීම ඉතා සුළු රථ වාහන නීති උල්ලංඝනය කිරීමක් වන නමුත් එයින් මාර්ගයේ ධාවනය කෙරෙන අනෙකුත් රථ වාහන වලට විශාල බලපෑමක් සිදු වන බවද Ritchie පැවසුවාය.

රියදුරන් සැවොම මූලික නීති නැවත මතක් කරගත යුතු බවත් රියදුරු බලපත්‍රය ගන්නා විට තමන් උගත් දෑ දිගටම මතක තබා ගත යුතු බවත් ඇය ප්‍රකාශ කරයි.

ක්ෂණිකව වමට හැරවීමකදී හෝ දකුණට ගමන් කිරීමකදී හෝ u-turn එකක් ගැනීමේදී වටරවුමට ඇතුල් වීමට පෙරම සංඥා එළි දැල්විය යුතු යැයි ක්වීන්ස්ලන්තයේ මාර්ග නීති වල අනිවාර්ය වේ.

වටරවුම් වලදී සංඥා එළි දැල්වීමට අපොහොසත් වීම හේතුවෙන් පනවන දඩය ඩොලර් 73ක් වන අතර රියදුරු බලපත්‍රයේ ලකුණු 2ක් අහිමි වෙයි.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now