ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල අසීමාන්තිකව ඉදිවන මහල් නිවාස වල මිල ගණන් ඉක්මනින් පහළ යන ලකුණු. (SBS සිංහල / වාර්තා)

වසර 2019 වන විට මෙල්බන් සහ බ්‍රිස්බන් ඇතුළු නගර වල සැපයුමට වඩා ඉදි කරන මහල් නිවාස සංකීර්ණ වල මිල 15%කින් පහළ යන බව Deloitte Access Economics ආයතනය අනාවැකි පළ කර තිබේ.

墨爾本新建單位影響舊式單位價格

墨爾本新建單位影響舊式單位價格 Source: Flickr

දේපළ යනු ආයෝජන ලොවෙහි හොඳම ආයෝජන ඛාණ්ඩයක් වුවද දේපළ යනු දුර්වල ආයෝජන ක්‍රමයක් බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයයකු වන Chris Richardson පවසයි.

වසර 2019 වන විට මෙල්බන් සහ බ්‍රිස්බන් ඇතුළු නගර වල සැපයුමට වඩා ඉදි කරන මහල් නිවාස සංකීර්ණ වල මිල 15%කින් පහළ යන බව Deloitte Access Economics ආයතනය අනාවැකි පළ කර තිබේ.

ඉහළ යන නිවාස වල මිල ආර්ථිකයට උපකාර වන නමුත් හිටිහැටියේම එය ආර්ථිකයට හානි කරන බව Deloitte Access Economics ආයතනයේ Chris Richardson පවසයි.

පසුගිය දශකයේ ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය සඳහා චීනය පෙරමුණ ගත් නමුත් එය ක්‍රමයෙන් නැතිවී එම ස්ථානය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ලබා ගෙන ඇති බවද Richardson පැවසීය.

දේපළ වෙළෙඳපොළෙහි ඉල්ලුම යටපත් කරමින් පිරිහීම ආරම්භ වන බවට ඔහු අනාවැකි පළ කර තිබේ.

තමන් ඉතා විශාල උකස් ණයකට අත්සන් තබා ඇති බවත් එය වසර ගණනාවක් තිස්සේ ගෙවීමට සිදුවන බවත් සිතීමට පටන් ගන්නා විට ධනවත් හෝ ඉසුරුමත් වීමට මිනිසුන් අඩු උනන්දුවක් දක්වන බවද Chris Richardson පෙන්වා දෙයි.

ආර්ථික වර්ධනය සඳහා නිවාස මිල ගණන් ධනාත්මකව ඉහළ යමින් එයට එරෙහිව යෑම ආරම්භ වනු ඇතැයි ද ඔහු අනාවරණය කරයි.

“ඇතුල් නගරවල ගැණුම්කරුවන්ගේ ඉල්ලුමට වඩා මහල් නිවාස සංකීර්ණ ඉදිවෙන අතර එමගින් ඒවායේ මිල ගණන් කඩා වැටීමක් සිද්ධ වෙනවා. 2019 වන විට ඇතුල් නගරවල මහල් නිවාස සංකීර්ණ අද පවතින මිලට වඩා 10%  - 15%ත් අතර ප්‍රමාණයකින් අඩුවී මිලට ගත හැකි බව ඔබට පෙනේවි.”  Chris Richardson පවසයි.

මෙම සංසිද්ධියෙන් එම කාලයේදී නිවාස වෙළෙඳ පොළෙහි  ගනුදෙනු කරන විකුණුම් කරුවන්ට සහ ගැනුම්කරුවන්ට බලපෑමක් සිදු වන බවද ඔහු පවසයි.

මේ වන විට කවරදාකවත් නොවූ ලෙස ඇතුල් නගරවල මහල් නිවාස සංකීර්ණ ඉදිවෙමින් පවතියි. මේ අතර, සිඩ්නි වැනි ප්‍රධාන නගරවල නිවාස ඉල්ලුමට වඩා අඩු සැපයුමක් ඇති බවට දේපළ කවුන්සිලයේ ප්‍රධාන විධායක Ken Morrison තර්ක කරයි.

වර්තමාන ඉදිකිරීම්  වල ඉහළ යාම එහි වෙළෙඳ පොළ යථා තත්ත්වයට ගෙන ඒමට උපකාරී වන බව ඔහු පවසයි.

වසර 10කට වඩා වෙළෙඳ පොළට අඩු සැපයුමක් සැපයු විට එම වෙළඳ පොළ සඳහා ඉල්ලීම් පැමිණෙන විට එහි මිල ගණන් ඉහළ නගින බවත් ඒවා පහත දමන්නට අවශ්‍ය නිවාස සංඛ්‍යාත්මකව නොමැති වීම නිසා  අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත්  Ken Morrison පවසයි.

මීට අමතරව ජනගහන වර්ධනයද එම වෙළෙඳ පොළට සහය දක්වන බවද ඔහු තර්ක කරයි.

නමුත් එම විමර්ශනයට Chris Richardson එකඟ නොවෙයි.

මෙසේ නව මහල් නිවාස සංකීර්ණ නගර වල දිගින් දිගටම ඉදිවීම සිදු වුවහොත් ඉදිකරන්නන් හට ඒවායේ මිල ගණන් අඩු කර පළා යාමට සිදු වනු ඇති බවට ඔහු අනතුරු අඟවා තිබේ.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service