SKIP TO MAIN CONTENT

පතල් කරුවන් විසින් අතහැර දමන ලද පාළුවට ගිය නගරයක චීනයේ වුහාන් සිට රැගෙන ආ දෙවැනි ඕස්ට්‍රේලියානුවන් කණ්ඩායම රඳවා තැබීමට රජය තීරණය කරයි. (SBS සිංහල / වාර්තා)

s
Source: Supplied

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

Northern Territory හි පතල් සේවකයන් සදහා වූ නවතැන් සහිත ගම්මානයක් චීනයේ  වුහාන් සිට රැගෙන ආ දෙවැනි ඕස්ට්‍රේලියානුවන් කණ්ඩායම නිරෝධායනය සදහා යොදා ගැනෙන බවට වාර්තා වේ. මෙම ප්‍රදේශය ඩාවින් නගරයෙන් කිලෝමීටර් 30ක් පමණ දකුණින් ඇති  Manigurr-ma නම් ගම්මානය වේ.

දැනට මීට පෙර චීනයේ සිට රැගෙන ආ ඕස්ට්‍රේලියානුවන් සිටින ක්‍රිස්මස් දුපතේ පිහිටි රැදවුම් කදවුර පිරී ඇති නිසා මෙම පෙදෙස ඒ සදහා යොදා ගෙන ඇත.

මෙම නවාතැන වසර 2012 දී ජපාන Inpex  නම් සමාගම විසින් සේවකයන් 3500ක් සදහා ඉදි කොට ඇති අතර එය වසර 2018 දී වසා දැමිණ .

s
Source: Supplied

මෙම ගොඩනැගිල්ලේ චායරුප වලින් පෙනී යන්නේ එහි නවීන සෞඛ්‍ය සේවා , අවන්හල්, පිහිනුම් තටාක , ක්‍රීඩා සදහා පහසුකම් ආදිය ඇති බවයි. නමුත් මේ සියලු පහසුකම් මෙම පිරිසට ලැබේද යන කරුණ තවමත් හෙළි වී නැහැ.

මෙම ස්ථානයේ නිදන කාමර වල වායු සමනය , කුඩා ශීතකරණ , තේ සාදා ගැනීමේ පහසුකම් ආදිය ඇති බවට වාර්තා වේ. Manigurr-ma Village වෙබ් අඩවිය තුල ඇත්තේ මෙය ඉතා නවීන  පන්නයේ තිරසාර ලෙස ගොඩ නැගු පරිසරයක් බවයි. එම වෙබ් අඩවියට අනුව මෙහි පිහිනුම්, බයිසිකල් පැදීම, beach volleyball  හා ගෘහස්ත ක්‍රිකට් වැනි ක්‍රීඩා සදහා පහසුකම් ඇත.

s
Source: Supplied

 මෙම නවාතැන, මුලින් වුහාන් සිට රැගෙන ආ කණ්ඩායම සිටින ක්‍රිස්මස් දුපතේ පැරණි සරණාගත කදවුරට වඩා ඉතා හොද තත්වයේ ඇති බවට කිව හැකියි. මෙම ක්‍රිස්මස් දුපතේ සිටින පිරිස් පවසා ඇත්තේ ඔවුන්ගේ කාමර වල කැරපොත්තන් සිටින බවත්, ඔවුන්ට ලැබෙන අන්තර්ජාල සේවා ඉතා පහත තත්වයේ ඇති බවයි.

s
Source: Supplied

කොරෝනා වයිරසය නිසා වසා දමා තිබෙන වුහාන් සිට පැමිණි සියලු ඕස්ට්‍රේලියානුවන් සති 2ක් යන තුරු නිරෝධායනයට ලක් විය යුතු අතර දැනට ඕස්ට්‍රේලියාවේ 15 දෙනෙකු කොරෝනා වයිරසය ආසාධිත බවට තහවුරු වී තිබේ. ලොව පුරා ආසාධිත සංඛ්‍යාව 30000 ඉක්මවයි.

s
Source: Supplied

Source: SBS News


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now