SKIP TO MAIN CONTENT

ගෝඨාභයට එරෙහිව නීතිමය කටයුතු සඳහා අතුරු තහනමක්.

Gotabaya Rajapaksa
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය ඊයේ (29/11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.

අදාළ පෙත්සම ලබන 06 වනදා යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය විරෝධතා ඇත්නම් එදිනට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දී තිබේ.

එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කැරිණි.

අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.ඩී.දෙහිදෙණිය සහ විනිසුරු ටිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියේ පෙත්සම සළකා බැලිණි.

රජයේ මුදල් මිලියන 90 ක් අව භාවිතා කළ බව කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානම් වන බවට වාර්තා ලැබී ඇතැයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ පැවසුවේය.

Daily Mirror ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now