අන්තර්ජාලය රිදී ජුබිලිය සමරයි (SBS/වාර්තා)

බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥයකු වන ශ්‍රීමත් Tim Berners-Lee ගේ අදහසකට අනුව මෙම සේවාව පිළිබඳ මූලික පර්යේෂණ ආරම්භ වූයේ 1989 වසරේ ස්විට්සලන්තයේ භෞතික විද්‍යාව සඳහා වෙන්වූ විද්‍යාගාරයකදීය. එයින් වසර දෙකකට පසුව 1991 වසරේ අගෝස්තු 06 වන දින අන්තර්ජාලය සඳහාවූ ප්‍රථම server යන්ත්‍රය මහජන භාවිතයට එළි දක්වන්නට ඔහුට හැකියාව ලැබුණි.

Internet

Internet celebrates 25th anniversary Source: Flickr

වර්තමාන ලෝකයේ අත්‍යවශ්‍යම අංගයක් වන අන්තර්ජාලය පොදු සේවාවක් බවට පත්වී වසර 25ක් සපිරීම අගෝස්තු 06 වන දින සිදු විය.

බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥයකු වන ශ්‍රීමත් Tim Berners-Lee ගේ අදහසකට අනුව මෙම සේවාව පිළිබඳ මූලික පර්යේෂණ ආරම්භ වූයේ 1989 වසරේ ස්විට්සලන්තයේ භෞතික විද්‍යාව සඳහා වෙන්වූ විද්‍යාගාරයකදීය.

එයින් වසර දෙකකට පසුව 1991 වසරේ අගෝස්තු 06 වන දින අන්තර්ජාලය සඳහාවූ ප්‍රථම server යන්ත්‍රය මහජන භාවිතයට එළි දක්වන්නට ඔහුට හැකියාව ලැබුණි.

මෙම උත්සාහයේ මූලිකම අරමුණ වූයේ ලොව පුරා ක්‍රියාත්මක විශ්ව විද්‍යාලවල සහ අධ්‍යාපනික ආයතනවල සේවය කරන භෞතික විද්‍යාඥයන් හට එකිනෙකා සමග තොරතුරු හුවමාරු කරගැනීමට පහසු ක්‍රම වේදයක් සැලසීමය.

නමුත් පසුව එම සේවාව මූලික අරමුණින් ගව් ගණනක් දුර විහිදී යන්නට වූයේ මුළු මහත් ලෝකයම තත්පරයකටත් වඩා අඩු කාලයකින් ඒකාත්මික කරමිනි.

1993 වසරේදී මෙම තාක්ෂණය සැමටම පොදු,  කර්තෘභාගය රහිත සේවාවක් බවට පත් කෙරිණි. එම වසර වන විට ලියා පදිංචිව තිබූ වෙබ් සර්වර් සංඛ්‍යාව 500කට අධික වූ අතර එම ප්‍රමාණය අද වන විට බිලියනයද ඉක්මවයි.

2016 වන විට සමස්ත ලෝකයේම අන්තර්ජාලය භාවිත කරන පිරිස මිලයන 3488ක් ලෙස ගණන් බලා තිබෙන අතර ලොව වැඩි පුරම අන්තර්ජාලය භාවිත කරනු ලබන්නේ චීනය විසිනි. එම ප්‍රමාණය මිලියන 721.43 කි. ඉන්දියාව සහ ඇමෙරිකාව පිලිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන වල පසු වන්නේ මිලියන 462.12ක් සහ මිලියන 286.94ක සංඛ්‍යාවක් අන්තර්ජාලය භාවිතා කරමිනි. 


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AAP



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now