වික්ටෝරියා ප්‍රාන්තයේ දැව කර්මාන්තය නිසා කෝලා සතුන් දහස් ගණනින් මියයන බවට හෙළිකොට ගනී : කඩිනම් විමර්ශනයක් (SBS සිංහල / වාර්තා)

koala

Source: friends of the earth

වික්ටෝරියා ප්‍රාන්තයේ දැව සදහා වන විනාශය හේතුවෙන් koala සතුන් දහස් ගණනක් මිය ගොස් ඇති බවට පරිසර සංරක්ෂණ කණ්ඩායමක් පවසයි. වික්ටෝරියා ප්‍රාන්තයේ Cape Bridgewater හි Blue Gum ශාක කපා දැමීමේදී Koala ගහනයක් විනාශ වී ඇති බවට වාර්තා වේ.

Friends of the Earth නම් සංවිධානය විසින් මෙම සිදුවීමේ චායාරුප නිකුත් කර ඇත. ඔවුන් පවසන්නේ මෙම සතිය තුලම දැනටමත් සිය ගණන් Koala සතුන් විනාශ වී ඇති බවයි. ඉතිරි වී ඇති සතුන් බේරා ගැනීම සදහා රජයේ නිලධාරීන් හා ස්වෙච්චා නිලධාරීන් දැන් කටයුතු කරමින් සිටී.

වික්ටෝරියා ප්‍රාන්ත Department of Environment, Land, Water and Planning (DELWP) දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබද විමර්ශනය කරමින් සිටී. මේ තත්වය මිනිස් ක්‍රියාවන් නිසා සිදු වූ බවට තහවුරු වුව හොත් ඒ පිළිබද නීතිමය පියවර ගැනීමට ඔවුන් සුදානම් ව සිටී.

s
Source: Friends of the earth

එසේම දෙපාර්තමේන්තුව විසින් පශු වෛද්‍යවරු යොදා ගෙන අනතුරට පත් වූ සතුන් සුව කිරීමට කටයුතු කරන බවද සදහන්. Australian Forest Products Association (AFPA) හි ප්‍රධානී Ross Hampton පවසන්නේ මෙම වතු යාය කපා දැමීම එහි koala ගහනයක් හමු වූ නිසා නවතා නැවත එහි මුල් අයිතිකරුටම පැවරූ බවයි.මේ හේතුවෙන් ඔවුන්ද කනගාටුවට පත් වන බව ඔහු පවසා තිබේ. දැව ලබා ගැනීමේදී Koala සිටී නම් එම ගස් වලට කිසිදු අත තැබීමක් නොකරන බවද AFPA සාමාජිකයන් මෙයට සම්බන්ධ බව ඔහු පිලි නොගන්නා බවත් ඔහු පවසා තිබේ.

Koala death
Image of a dead koala during logging in Victoria Source: friends of the earth

මේ පිලිබද අදහස් දක්වන Greens පක්ෂ පරිසර ප්‍රකාශිකා සෙනට් සභික Sarah Hanson-Young පවසන්නේ පසුගියදා ලැව් ගිනි නිසා Koala සතුනට හානි වූ අතර දැන් මෙවන් ක්‍රියා මගින් ඔවුන්ගේ ගහනයට හානි කිරීම කනගාටුදායක බවයි 

රජය විසින් මෙය වැලක්වීමට ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඇය පවසයි.

Wildlife Act 1975.පනත යටතේ Koala සතුන්ට හිරිහැර කිරීම සදහා ඩොලර් 8000ක දඩ්යක් ගෙවීමට සිදු වන අතර එසේම එක් සතෙකුට ඩොලර් 800 බැගින් දඩ නියම කල හැකියි 

Source: SBS News


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now