Lion Dairy and Drinks සමාගම විසින් නිෂ්පාදිත Dairy Farmers වෙළද නාමය යටතේ NSW ප්‍රාන්තයේ විකිනෙන ලීටර් 1 හා ලීටර් 3හි කිරි වෙළද පොලෙන් ඉවත් කිරීමට එම සමාගම විසින් කටයුතු යොදා තිබේ. මෙම වෙළද පොලෙන් ඉවත් කෙරෙන ලීටර් 1 සම්පුර්ණ යොදය සහිත කිරි වල කල් ඉකුත් වීමේ දිනය වන්නේ 25/02/2020 යි. ලීටර් 3හි සම්පුර්ණ යොදය සහිත කිරි වල කල් ඉකුත් වීමේ දිනය 24/02/2020 වේ.
මෙම කල් ඉකුත් වීමේ දින රැගත් නිෂ්පාදන කාණ්ඩය E.coli බැක්ටීරියා මගින් අපවිත්‍ර වී ඇති බවට සැක පිට මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

මෙම කිරි නිෂ්පාදනය වී ඇත්තේ Lion Dairy සමාගමේ NSW හි පිහිටි Penrith කර්මාන්ත ශාලවෙදීයි. මෙම කිරි NSW ප්‍රාන්තයේ Coles, Woolworths හා IGA සුපිරි වෙළද සල් හා වෙනත් කුඩා වෙලද සල් වෙත බෙදා හැරේ.
තවමත් මෙම කිරි පානයෙන් රෝගී තත්වයට පත් වූ කිසිවෙකු වාර්තා වී නොමැත. එසේම Lion සමාගම පවසන්නේ වෙනත් Dairy Farmers කිරි නිෂ්පාදන හා වෙනත් ප්‍රාන්ත වල මේ නිෂ්පාදන වලට මෙහි බලපෑමක් නොමැති බවයි.
මීට අමතරව 7 Eleven සමාගම නිවේදනය කොට ඇත්තේ 7 Eleven වෙළද නාමය යටතේ NSW හා ACT හි විකිනෙන කල් ඉකුත් වීමේ දිනය 24/02/2020 වන ලීටර් 2 සම්පුර්ණ යොදය සහිත කිරිද , Dairy Farmers නාමය යටතේ ඇති සම්පුර්ණ යොදය සහිත ලීටර් 1 , කල් ඉකුත් වීමේ දිනය 25/02/2020 වන හා Dairy Farmers නාමය යටතේ ඇති සම්පුර්ණ යොදය සහිත ලීටර් 3, කල් ඉකුත් වීමේ දිනය 24/02/2020 වන කිරිද වෙළද පොලෙන් ඉවත් කර ඇති නිසා , එම කිරි පානය නොකරන ලෙසත් එම කිරි බෝතල් නැවත වෙළද සල් වෙත ගෙන එන ලෙසයි.
ඔවුන් පවසන්නේ මෙම කිරි පානය නොකර ඉවත දමා 1800 677 852 යන අංකය අමතා එම ගෙවූ මුදල නැවත ලබා ගන්නා ලෙසයි.
මෙම කිරි වර්ග පානය කොට අසනීප තත්වයක් ඇති පුද්ගලයින් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතු බවත් Lion සමාගම පවසයි.
Lion Dairy & Drinks Consumer Enquiries:
1800 677 852 / consumers@lionco.com
Source: Lion Co. Media release and & Eleven Media release

