SKIP TO MAIN CONTENT

iPhone 10 වන උපන්දිනය සමරයි.

iPhone
iPhone Source: Apple

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජංගම දුරකථන ක්ෂේත්‍රය කැළඹු iPhone ලොවට හඳුන්වා දී අදට දශකයක් සපිරෙයි.

2007 වසරේ ජනවාරි මස 09 වන දින ඇපල් සමාගමේ නිර්මාතෘ  Steve Jobs විසින් ප්‍රථම iPhone ය හඳුන්වා දුන් අතර  එතැන් පටන් මේ දක්වා iPhone බිලියනයකටත් වඩා අලෙවි වෙමින් ඇපල් සමාගම මේ වන විට ලොව බලවත්ම සහ ධනවත්ම සමාගම් වලින් එකක් බවට පත් වී තිබේ.

නමුත් වෙළෙඳ පොළ තරගකරුවන් වන Samsung, Google, HTC සහ Huawei යන සමාගම් වල දුරකතන හේතුවෙන් 2016 වසරේදී iPhone අලෙවිය ඉතිහාසයේ ප්‍රථම වරට පහත වැටුණු බවද වාර්තා වේ.

2007 වසරේ පටන් මේ දක්වා ඇපල් සාමාගම විවිධ මාදිලියේ iPhone වර්ග 11ක් ලොවට හඳුන්වා දී ඇති අතර ඔවුන්ගේ නවතම iPhone මාදිලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now