ගල්ෆ් කලාපයේ අනතුරට ලක්වුණු ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවවත් එය දෙන්නේ නැහැ : ඉරානය කියයි

A Ukrainian airplane carrying at least 170 people crashed on Wednesday shortly after take-off from Tehran’s main airport, killing all onboard.

A Ukrainian airplane carrying at least 170 people crashed on Wednesday shortly after take-off from Tehran’s main airport, killing all onboard. Source: AAP

ඉරානයේ යුධ හමුදා ජෙනරාල් කාසිම් සොලෙයිමනි ඝාතනයට පළිගැනීමක් වශයෙන් ඉරාකයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා මධ්‍යස්ථාන දෙකකට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. බැග්ඩෑඩ් හි ඉර්බිල් සහ අල් අසාද් ප්‍රදේශ වල ස්ථාපිත එම කඳවුරු දෙකට මිසයිල විසි දෙකක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් තම හමුදා පුර්ව සුදානමකින් සිටි බැවින් ඉන් කිසිඳු හානියක් තම සොල්දාදුවන්ට සිදුව නැතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ප්‍රකාශ කොට ඇත. එසේම ඉරානය සිය ප්‍රවේශය වෙනස් කරන තුරු ආර්ථික සම්බාධක පැනවීමේ එක්සත් ජනපද සැලසුම් එලෙසම පවතින බවට ට්‍රම්ප් පරිපාලනය විසින් සනාථ කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු හමුදාවනට සහයෝගය ලබාදීමට ගොස් සිටින ඕස්ට්‍රේලියානු හමුදා භටයින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද අගමැති ස්කොට් මොරිසන් විසින් නිවේදනය කොට තිබේ.

මේ අතර පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරලමින් ඊයේ දිනයේදී (8 January) ඉරාන ගුවන සීමාවේදී අනතුරට ලක්වුණු යුක්රේන ගුවන් යන අනතුරෙන් පසුව ඉරාන ගුවන් කලාපයේ සිය ගුවන් සමාගම් ක්‍රියාත්මක නොකරන බවට යුක්රේනය තීරණය කර තිබේ. 

එසේම බ්‍රිතාන්‍ය වෙත ගමන්කරන ශ්‍රී ලංකන් ගුවන් සේවා සහ එයාර් ඉන්දියා ගුවන් සමාගම් ඉරාන ගුවන් සිමාව භාවිත කරන අතර මෙම අවධානම් කාරී තත්වය මත එම ගමන් සිදුකරන මාර්ගයේ වෙනසක් සිදු කිරීමට දෙරටෙහිම ගුවන් සේවා සමාගම් තීරණය කොට ඇත.

ඉරාන ගුවන සීමාවේදී අනතුරට ලක්වුණු මෙම යානයට ටෙහෙරානයෙන් පිටතදී යාන්ත්‍රික ගැටළුවක් සිදුවී ඇති බවට සැක කෙරේ, නමුත් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නිලධාරීන් තවමත් පරීක්ෂණ පවත්වයි.

මෙම අනතුරට පත්වුණු යානයේ ඉරාන (82), කැනඩා (63) , ස්වීඩන (10), යුක්රේන (11), ඇෆ්ඝනිස්තාන (4), ජර්මනිය (3) සහ බ්‍රිතාන්‍ය (3) යන රටවල වැසියන් සිට ඇති බව වාර්තාවේ. ඔවුන් සියල්ලම ජිවිතක්ෂයට පත්ව ඇත.

යානයේ කළු පෙට්ටිය මේ වන විට හමුව ඇති අතර එය පරීක්ෂණ සඳහා අනතුරට පත් යානයේ නිෂ්පාදන සමගම වන බෝයිං යානය අයත් සමාගමට හෝ ඇමරිකාවට ලබා නොදෙන බවට ඉරාන මේ වන විට නිවේදනය කොට ඇත. කෙසේ වෙතත් කළු පෙට්ටියේ හිමිකරිත්වය නිත්‍යානුකුලව හිමිවිය යුත්තේ කුමන පාර්ශවයටද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද වාර්තා වේ.

How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now