ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන් සහ ඔවුන්ගේ හෙලිකොප්ටරයේ සිටි තවත් පුද්ගලයින් හත් දෙනා මියගොස් ඇති බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට තහවුරු කර ඇත.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරය ඉරානයේ නැගෙනහිර ප්‍රදේශයේ අසර්බයිජානය සමඟ ඇති දේශසීමා ප්‍රදේශයේදී දැඩි සිතලකකින් යුතු අයිස් සහිත කඳු මුදුනකට කඩා වැටී සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බවයි
ඉරාන ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරය ඇමෙරිකාවේ නිෂ්පාදිත බෙල් 2-1-2 වර්ගයේ එකක් වන අතර එය කඩා වැටීමට හේතුව මේ වන තෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.
63 හැවිරිදි ඉබ්‍රාහිම් රයිසි මහතා 2021 වසරේ දී ඉරානයේ ජනාධිපති තනතුරට පත්විය. ඔහුගේ මරණය සිදුවන්නේ සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුද රාශියක් සම්බන්ධයෙන් ඉරානයේ දැඩි අසහනකාරී තත්වයක් වර්ධනය වන අවස්ථාවකය.
මේ වන විට 68 හැවිරිදි උප ජනාධිපති මොහොමඩ් මොක්බර් දැන් රටේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙසට පත්කොට ගෙන ඇති බව වාර්තා වේ.
ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක ද නිරත වූයේය