IS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි ජිවීතක්ෂට පත්වී ඇති බව ඇමරිකානු ජනාධිපති Donald Trump තහවුරු කර සිටියි.
සිරියාවේ උතුරු ප්‍රදේශයේදී ඇමරිකනු විශේෂ බලකා සිදු කල මෙහෙයුමකදී IS ත්‍රස්ත නායකයාට මෙම ඉරණම අත් වූ බව Trump මහතා පැවසුවේය.
Idlib ප්‍රදේශයේ බිංගෙයක් තුලට තම දරුවන් තිදෙනකුද සමඟ පලා යමින් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ සහිත ජැකට්ටුවක් පුපුරවාගනිමින් ඔහු දිවිනසාගත් බව Trump මහතා සඳහන් කළේය.
IS ත්‍රස්ත නායකයා තමන්ගේ ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපිය ගත කළේ දැඩි භීතියකින් බව Trump මහතා පැවසුවේය. අල් බග්ඩාඩි ඔහුගේ දරුවන් තිදෙනාගෙද ජීවිත බිලි ගනිමින් බියගුලු ස්වරූපයෙන් මිය ගිය බව Trump මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
DNA පරීකෂනයක් සිදු කර අල් බග්ඩාඩිගේ අනන්‍යතාව තහවුරු කර ගත් බවද Trump මහතා පැවසුවේය.
අල් බග්ඩාඩි සැඟවී සිටින ස්ථානය පිළිබඳව තොරතුරු දන්නා අයෙක්ට ඔස්ට්රෙලියනු ඩොලොර් මිලියන 37ක් පමණ වටිනාකමකින් යුත් පරිත්‍යාගයක් ලබා දීමට ඇමරිකානු රජය සූදානමින් සිටියේය.
කුර්දිවරුන් මෙහෙයවන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය පවසනුයේ ඔවුන්ගේ බුද්ධි තොරතුරු නොමැතිව ඇමරිකාව විසින් සිදු කළ මෙහෙයුම කළ නොහැකි බවයි.
පසුගිය මාර්තු මාසයේ සිට අල් බග්ඩාඩිගේ වගතුග සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය විසින් සියුම් ලෙස නිරීක්ෂණයට ලක් කරමින් සිටි බව මෙම බලකායෙහි ප්‍රකාශක Kino Gabriel මහතා පැවසුවේය.


