SKIP TO MAIN CONTENT

ඇමෙරිකාව පැනවූ වානේ සහ ඇලුමිනියම් බදු අඩු ඉවත් කරගන්න ඔස්ට්‍රේලියාව රහස් ගිවිසුමකට ?

US Steel tariffs
US President Donald J. Trump shakes hands with Prime Minister of Australia Malcolm Turnbull during a joint press conference in the White House, 2018. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

වානේ සහ ඇලුමිනියම් සදහා ඇමරිකා එක්සත් ජනපදය පැනවීමට තීරණය කළ නව බදු සම්බන්ධයෙන් ඇමරිකානු රජය සහ ඔස්ට්‍රේලියානු රජය අතර ඇතිව තිබෙන ගිවිසුම පිළිබඳ  ඔස්ට්‍රේලියානු රජය විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතු බව කම්කරු පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රී Jim Chalmers පවසයි.

ඔස්ට්‍රේලියාව  ආරක්ෂාව පිළිබද විශේෂ ගිවිසුමකට එකග වුවහොත්  වානේ සහ ඇලුමිනියම් සදහා අදාල බදු අඩු කිරීමට පිලිබදව සලකා  බලන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Twitter සමාජ ජාලය ඔස්සේ  නිකුත් කල ප්‍රකාශයක සදහන්.

එසේ අදාල ගිවිසුමට එකග වුවහොත් වානේ  සදහා අදාල බදු  25% කින්ද  ඇලුමිනියම් සදහා අදාල බදු සියයට 10% කින්ද  අඩු කිරීමට හැකියාව ඇති බව එම twitter පණිවිඩයේ වැඩි දුරටත් සදහන්.

මේ පිලිබදව තම පරිපාලනය ඔස්ට්‍රේලියානු රජය සමග සාකච්චා පවත්වමින් සිටින බවද ජනධිපති ට්‍රම්ප් වැඩි දුරටත් සදහන් කර තිබේ.

අදාල ගිවිසුම පිලිබදව සත්‍ය තොරතුරු ඕස්ට්‍රේලියානු රජය ජනතාවට හෙළි කල යුතු බව කම්කරු පක්ෂ සාමාජි Jim Chalmers ඉල්ලා සිටියේය.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු සදහා අමතර යුධ හමුදා සහාය බලාපොරොත්තු වනු ඇති බවට වාර්තා පළ වුවද ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනි ජුලි බිෂොප් එම ප්‍රකාශය අසත්‍ය බව පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now