SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු නීතිය පිළිබඳ ඇමැතිටත් ද්විත්ව පුරවසිභාව චෝදනා.

Federal Justice Minister Michael Keenan
Federal Justice Minister Michael Keenan Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තමන් හට එක්සත් රාජධානියේ පුරවැසිභාවය තිබෙනවා යනුවෙන් Fairfax  මාධ්‍ය ජාලය පළ කළ පුවත දැඩි ලෙස  ප්‍රතික්ෂේප කරන බව ඔස්ට්‍රේලියාවේ නීතිය පිළිබඳ අමාත්‍ය Michael Keenan  පවසයි.

අද (17/08) පෙරවරු 6 ට පමණ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

2004 වසරේදී තමන් පාර්ලිමේන්තුවට ඇතුල් වන විට තමන් හට ඔස්ට්‍රේලියාවේ හැර වෙනත් කිසිඳු රටක පුරවැසිභාවයක් නොමැති බව තමන් පැවසු බවත් ඒ බව හොඳාකාරවම Fairfax  මාධ්‍ය ජාලය දන්නා බවත් ඔහු එම සටහනේ ප්‍රකාශ කර ඇත.

Justice Minister Michael Keenan denies UK citizenship report
Source: Twitter

ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාවක් නොමැත.

මෙම අර්බුදයට මුහුණ දුන් නවතම ගොදුර බවට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබී ජොයිස් වන අතර ඔහු නවසීලන්ත පුරවැසියෙකු බවට නවසීලන්ත අගමැතිවරයා පසුගිය සති අන්තයේදී තහවුරු කර සිටියේය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නවසීලන්ත පුරවැසිභාවය පිළිබඳ අවසාන තීන්දුව ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබන සතියේදී තීරණය කරනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now