SKIP TO MAIN CONTENT

23 කට මරු කැඳවූ Manchester ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාරගනියි.

Manchester Attack
Source: EPA

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

උතුරු එංගලන්තයේ Manchester Arena හි පැවති සුප්‍රසිද්ධ පොප් ගායිකා Ariana Grande ගේ ප්‍රසංගයක් අතරතුර ඊයේ (23/05) දිනයේ සිදුවූ බෝම්බ පිපිරීමේ වගකීම IS ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් Manchester පොලීසිය ප්‍රකාශ කරයි.

මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට බ්‍රිතාන්‍ය පොලිසිය විසින් 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

නගරයේ සාප්පු සංකීරණයක දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව අනතුරුදායක මට්ටමක ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී ද මෙවැනි ත්‍රස්ත ප්‍රහාර ඇතිවිය හැකි බැවින් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවද ඇය ප්‍රකාශ කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now