SKIP TO MAIN CONTENT

daylight saving ඔබේ සෞඛ්‍යයට අහිතකරද?

Day light saving
Source: SBS

2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්,  වික්ටෝරියා , ටස්මේනියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ACT  ප්‍රාන්ත සහ ටෙරටරි වල අප්‍රේල් පළමුවැනි ඉරිදා දිනයේදී  අලුයම 3ට වේලාව  පැයකින් පසුපසට දැමීම මෙහිදී සිදු වන අතර, ඒ අනුව අදාල ප්‍රදේශ වල අලුයම 3ට ඔරලෝසු වල වේලාව අලුයම 2  ලෙස වෙනස් වනු ඇති.

මෙලෙස වේලාව වෙනස් වීමෙන් ඇතිවන, පිඩාව (jet-lagged) අපගේ ශරීර සෞඛ්‍යයට අහිතකරද යන්න පිලිබදව විමසා බැලීමට වෛද්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුව තිබේ.

සමහරක් අධ්‍යන වලට අනුව මෙලෙස වේලාව  වෙනස් කිරීම, හදවත් රෝග ඇතිවීමට සහ රිය අනතුරු ඇතිවීමට හේතුවන බව ප්‍රකාශ වුවත්  University of Sydney හී නින්ද පිලිබද පර්යේෂණ වල නිරත මහාචාර්ය Ron Grunstein පවසන්නේ වේලාව  මේ අයුරින් වෙනස් වීම අනතුරුදායක බවට පලවන මත බොහොමයක් මිත්‍යා මත බවයි.

circadian rhythms හෙවත් දිනපතා අපගේ ශරීරය තුල පවතින රිද්මයට හානි සිදුවීමෙන්, ශරීර සෞඛ්‍යයට අහිතකර ප්‍රතිපල ගෙන දෙන තත්වයන්ට මුහුණදීමේ අවධානමක් පැවතියත්, daylight saving ක්‍රමවේදය මගින් සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරිත්වය වැඩි වන බවත් එය ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට යහපත් තත්වයක් බවත් මහාචාර්ය Grunstein සදහන් කරයි.

ඔහු පවසන ආකාරයට මේ අයුරින් කාලය වෙනස් වීම සාමාන්‍ය ජනතාව තුල දරුණු සෞඛ්‍යය ගැටළු  ඇතිවීමට බලනොපාන අතර, එලෙස ගැටළු ඇතිවන බව ඔප්පු කිරීමට තරම් ශක්තිමත් පර්යේෂණ දත්ත මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර  University of Sydney හී  ආචාර්ය  Svetlana Postnova පවසන්නේ සමහරෙක් Day Light Saving සිදුවන ඉරිදා දිනයේ වැඩි පුර නිදා ගැනීමට සැලසුම් කලද අපගේ ශරීරය යම් රිද්මයකට හුරුවී ඇති බැවින් එය සමහර අවස්ථාවන් වලදී සිදු නොවන බවයි. සිදුකරන ලද වේලාව  වෙනස් කිරීමට හුරුවන්නට සමහරක් අයට සති කීපයක් ගත වන බවත් සමහරක් අයගේ ශරීරය ඒ සදහා හැඩ  නොගැසෙන බවත් ආචාර්ය  Svetlana  සදහන් කරයි.

කෙසේ වෙතත් Day Light Saving  ක්‍රියාදාමය සමගින් මේ අයුරින් වෙලාව වෙනස් වීම ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරනවද නැද්ද යන්න තවමත් අපැහැදිලි බව ආචාර්ය  Svetlana Postnova මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කලාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now