SKIP TO MAIN CONTENT

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරය : මහමොලකරු ඇතුළු පිරිසගේ චායාරුපයක් IS සංවිධානය විසින් ප්‍රසිද්ධ කරයි.

IS release picture of Sri Lanka suicide attackers
IS release picture of Sri Lanka suicide attackers Source: Amaq

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ද මහමොලකරු ඇතුළු පුද්ගලයින් ගේ ඡායාරූපයක් IS සංවිධානයේ AMAQ ප්‍රවෘත්ති සේවය නමින් හඳුන්වාගන්නා මාධ්‍යක් මඟින් ප්‍රසිද්ධ කොට තිබෙන බව වාර්තා වේ. මෙම ඡායාරුපයේ සිටින 8 දෙනාගෙන් 7 දෙනෙකු තම මුහුණු ආවරණය කර ගෙන සිටින අතර එක් පුද්ගලයෙක් තම මුහුණ නිරාවරණය කොට ගෙන සිටී. එම පුද්ගලයා මෙම ප්‍රහාරයේ මහ මොලකරු වන සාරාන් හෂීම් නැමත්තා බව ද සඳහන්.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන 3 ක්, ප්‍රධාන පෙලේ හෝටල් 3ක් සහ දෙහිවල ලැගුම්හලක සහ දෙමටගොඩ යන ස්ථාන 8 ක සිදුවුණු පිපිරීම් 9 න් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 321 කි. ඒ අතර විදෙස් ජාතිකයින් 39 දෙනෙකුද වෙයි. මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 500ක පමණ පිරිසක් තුවාල ලැබූ අතර ඉන් 375 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now