SKIP TO MAIN CONTENT

IS සංවිධානය නිසා ලියොනල් මෙසී හිරේ යයි (Photos).

Lionel Messi IS Poster
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ලබන වසරේ රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට තර්ජනය කරමින් IS සංවිධානය තවත් පෝස්ටරයක් නිකුත් කර තිබේ.

ලොව සුපිරි පාපන්දු තරුවක් වන ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සිර ඇඳුමක් ඇඳ සිර මැදිරියක සිට රුධිරය සලමින් හඬන ආකාරයේ රූපයක් මෙම පෝස්ටරයේ අඩංගු වේ.

එම සිර ඇඳුමේ මෙසීගේ නමද මුද්‍රණය කර ඇති බවක් දිස් වේ.

ඊට අමතරව "ඔබ සටන් වදින්නේ  "අසමත්වීම" යන වචනය තමන්ගේ ශබ්ද කෝෂයේ නොමැති රාජ්‍යයක් සමගය" යන වැකිය අරාබි භාෂාවෙන් මෙසීගේ ඡායාරූපයට පහළින් මුද්‍රණය කර තිබේ.

Lionel Messi IS Poster
Source: Twitter

ලබන වසරේ ජුනි සහ ජූලි මාස වල රුසියාවේ පවැත්වෙන මෙම පාපන්දු ලෝක කුසලානය සඳහා මීට පෙරද මෙවැනි ආකාරයේ තර්ජන IS සංවිධානයෙන් පැමිණ තිබේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now