ලබන වසරේ රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට තර්ජනය කරමින් IS සංවිධානය තවත් පෝස්ටරයක් නිකුත් කර තිබේ.
ලොව සුපිරි පාපන්දු තරුවක් වන ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සිර ඇඳුමක් ඇඳ සිර මැදිරියක සිට රුධිරය සලමින් හඬන ආකාරයේ රූපයක් මෙම පෝස්ටරයේ අඩංගු වේ.
එම සිර ඇඳුමේ මෙසීගේ නමද මුද්‍රණය කර ඇති බවක් දිස් වේ.
ඊට අමතරව "ඔබ සටන් වදින්නේ "අසමත්වීම" යන වචනය තමන්ගේ ශබ්ද කෝෂයේ නොමැති රාජ්‍යයක් සමගය" යන වැකිය අරාබි භාෂාවෙන් මෙසීගේ ඡායාරූපයට පහළින් මුද්‍රණය කර තිබේ.
ලබන වසරේ ජුනි සහ ජූලි මාස වල රුසියාවේ පවැත්වෙන මෙම පාපන්දු ලෝක කුසලානය සඳහා මීට පෙරද මෙවැනි ආකාරයේ තර්ජන IS සංවිධානයෙන් පැමිණ තිබේ.

Source: Twitter
SBS පුවත් ඇසුරෙනි.
Share

