SKIP TO MAIN CONTENT

නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර ලෙස පිළිගන්නා ලෙසට මුස්ලිම් නායකයින් ලෝකයෙන් ඉල්ලයි.

Islamic leaders urge East Jerusalem recognition as 'Palestine's capital'
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර බවට ඇමෙරිකාව නිල වශයෙන් පිළිගන්නා බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීන්දුව මුස්ලිම් රටවල නායකයින් දැඩි ලෙස හෙළා දකියි.

ඒ අනුව නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර ලෙස හඳුන්වන ලෙසට ඔවුන් ලෝකයේ අනෙකුත් රටවලින් ඉල්ලා සිටියි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජෙරුසෙලම් ප්‍රකාශයත් සමග ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට මුස්ලිම් රාජ්‍ය නායකයින් තුර්කියේදී හදිසියේ රැස්විය.

ඊශ්‍රායල් - පලස්තීන් සාකච්ඡා සඳහා අතරමැදියෙකු ලෙස කටයුතු කිරීමේ භූමිකාව මෙම තීන්දුවත් සමග ඇමෙරිකාව විසින් නැති කරගත් බව තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan පැවසීය.

මේ අතර ජෙරුසෙලම පිළිබඳ මුස්ලිම් නායකයින්ගේ අදහස් පිළිබද තමන් සැලකිල්ලක් නොදක්වන බවත් යථාර්ථය නම් ජෙරුසෙලම මේ වන විට ඊශ්‍රායල් අගනුවර බවට පත්වී හමාර බවත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය  Benjamin Netanyahu පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now