SKIP TO MAIN CONTENT

හෙට පැවත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා තෙවන සහ අවසන් 20-20 ක්‍රිකට් තරගයෙන් ඉසුරු උදාන ඉවතට

Isuru Udana ruled out of third T20I against India
Source: Facebook

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හට ඉන්දු - ශ්‍රී ලංකා තෙවන සහ අවසන් 20-20 ක්‍රිකට් තරගයට සහභාගී වීමට අවස්ථාව නොලැබෙන බව වාර්තා වේ.

දෙරට අතර පසුගිය බදාදා රාත්‍රියේ පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගයේදී short third man කලාපයේ පන්දුවක් රැකීමට ගොස් ආබාධයකට ලක්වීම නිසා ඔහුට මෙලෙස තුන්වන සහ අවසන් 20-20 ක්‍රිකට් තරගය අහිමිවී ඇත.

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි 20-20 ක්‍රිකට් තරගයේදී ඉන්දියාව කඩුලු 7ක පහසු ජයක් අත්කර ගත්තේය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

එහිදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබාගත් නමුත් දීර්ග සබඳතාවකට යාමට ඉඩ නොලැබිණි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 20 කට දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 22 කට දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා පන්දු 28 කදී ලකුණු 34 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට උත්සහ දැරුවද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 142 කට සීමා කිරීමට ඉන්දියාව සමත් විය.

ජයග්‍රාහී ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 17 යි පන්දු 3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 144 ක් ලබා තරගයේ ජය පහසුවෙන් සටහන් කළේය.

එහිදී KL Rahul ලකුණු 45 ක්ද ශිකර් ධවාන් ලකුණු 32ක් ද නායක විරාත් කෝලි නොදැවී ලකුණු 30 ක්ද ලබාගත්තේය.

ඉන්දු - ශ්‍රී ලංකා තෙවන සහ අවසන් 20-20 ක්‍රිකට් තරගය හෙට දිනයේ පුනේ නුවරදී පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now