ක්වීන්ස්ලන්ත “Debbie” සුළි කුණාටුවේ නවතම තත්ත්වය (16:30 AEDT) : අවදානම් කලාප වල සිටින පදිංචිකරුවන් දැන්ම ඉවත් නොවුනහොත් ප්‍රමාද වැඩි බව ප්‍රාන්ත අගමැතිනිය අනතුරු අඟවයි.

Cyclone Debbie evacuations

Source: SBS

ක්වීන්ස්ලන්තයේ ඇතිවී තිබෙන “Debbie” සුළි කුණාටු තත්ත්වය හෙට (28/03) උදෑසන වන විට category 4 ගණයේ සුළි කුණාටුවක් බවට පත් වීමට අපේක්ෂිත බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

මේ හේතුවෙන් Ayr සිට Midge Point දක්වා පුද්ගලයින් 5500 ක් පමණ මේ වන විට පදිංචි ස්ථාන වලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර හදිසි සේවා සහ පොලිසියේ ඉවත් කිරීමේ නියෝග වෙත අදාළ සියලුම ජනතාව කීකරු විය යුතු බවද මේ මොහොතේ තවත් කල්පනා කරමින් සිටීමට කාලයක් නොමැති බවද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk මේ පිළිබඳ අද (27/03) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවාය.
විශේෂයෙන්ම Bowen ඇතුළු Home Hill සිට Proserpine ප්‍රදේශය දක්වා මේ තත්ත්වය දරුණු වන අතර Home Hill සහ දකුණු Townsville අතර ප්‍රදේශයේ මෙන්ම Proserpine ප්‍රදේශයේද පුද්ගලයින් 3500 ක් පමණ මේ වන විට ඉවත් කර ඇති බවද ඇය පවසුවාය.
මීට අමතරව විශේෂ භාණ්ඩ දුම්රිය 3කින් ඉවත්වූ ජනතාවට අවශ්‍ය ආහාර පාන අදාළ ප්‍රදේශ වලට රැගෙන යාමට කටයුතු යොදා ඇති අතර කුණාටු තත්ත්වය පහව ගිය පසු එම ආහාර “IGA” සහ “Woolworths” සුපිරි වෙළෙඳ සැල් වල ගබඩා කිරීමට කටයුතු යොදා ඇති බවද ප්‍රාන්ත අගමැතිනිය පැවසුවාය.

ඉලක්කගත ප්‍රදේශ සඳහා විශේෂ ගිලන් රථ සේවාවක්ද මේ වන විට සිටින ගිලන් රථ සහ හදිසි ප්‍රතිකාර කාර්ය මණ්ඩලයට අමතරව තවත් අමතර සේවකයින් 25 දෙනෙකු අනියුක්ත කර ඇති බවද ඇය පැවසුවාය.

Bruce Highway මේ වන විට තවමත් විවෘතව ඇති නමුත් අවශ්‍ය විට යම් අවස්ථාවක එය වසා දැමීමට තීරණය කරන බවද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk ප්‍රකාශ කළාය.

කෙසේනමුත්, ඉවත්වීමේ ප්‍රදේශ වල තවමත් රැදී සිටින ජනතාව වහාම එම ප්‍රදේශ වලින් ඉවත්ව, ඉවත්වීමේ මධ්‍යස්ථාන වෙත යන ලෙස ඇය නියෝග කළාය.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service